ගැහැනුන් ගැන කතා කරන පිටුවහල් ලේඛිකාව

p17 1විටෙක පිහාටුවක්‌ තරමට සැහැල්ලුය
මොහොතකින් එය ගලක්‌ මෙන් බර වෙයි
විටෙක මගේ මෙන් දැනෙයි.
එහෙත් එය මට අයිති නැත..

පිරිමි කතුවරුන් හිතන්නේ ලිංගිකත්වය පිළිබඳව ලියන එක තමන්ට විතරක්‌ ලැබුණු විශේෂ වරප්‍රසාදයක්‌ කියලා වගේම, කාන්තාවන්ට ඒ ගැන ලියන්නට කිසිසේත්ම අයිතියක්‌ නැහැ කියලා. ඔවුන් හිතන්නේ කාන්තාවන්ගේ සතුට සහ වේදනාව ගැන කතා කරන්නට අයිතිය තියෙන්නේ ඔවුන්ට විතරයි කියලා. ඒ ගැන මම කතා කළොත් ඒක දකින්නේ නොසරුප් දෙයක්‌ හැටියටයි. මං හිතන්නෙ මම ඔවුන් ගැනත් ලියාවි කියලා ඔවුන්ට බයක්‌ දැනෙනවා ඇති. ඒ නිසා මගේ පොත් තහනම් කරලා මාව පන්නා දමන්නට ඔවුන් වෑයම් කරනවා. ඒත් මම ඒ හැම දෙයක්‌ ගැනම ලියනවා.. මම ඉන්නේ කොහෙද කියන එක මට ප්‍රශ්නයක්‌ නෙවෙයි.. ඇය කියයි. ‘කොහොම වුණත් මගේ මලයාලි පාඨකයන් මගේ පොතට කැමතියි කියා කියන එක නම් මට ලොකු ධෛර්යයක්‌…

තස්‌ලිමා නස්‌රීන් කිවිඳිය විසින් ලියා ඇති මේ කවිය ඇගේම ජීවිතය ගැන කියන්නක්‌ වැනිය. පිටුවහල් කළ ලියන්නියක ලෙසින් ඇය මෙතරම් ධෛර්යයකින් හා ආටෝපයෙන් ජීවත් වෙන්නේ කෙසේ දැයි කිසිවකුට සිතුණොත් එය පුදුමයක්‌ නොවේ. ඇගේ රිය අසල නිරතුරුවම පොලිස්‌ නිලධාරීන්ගෙන් පිරී ගිය වෑන් රථයකි. කලු හැඳගත් මිනිසුන් කිහිපදෙනකු නිරන්තරව ඇගේ ආරක්‌ෂාවට ඇය ළඟය. ඇගේ පාඨකයන් ඇය වටා රොක්‌ වෙද්දී ඇගේ මුවේ සිනාවක්‌ ඇඳුණ ද, ඇගේ දෑසේ ඇඳෙන බියෙහි ඡායාව සැඟවිය නොහැකිය. එහෙත් ඇය තවමත් ජීවිතය කෙරේ නොනිමි ආදරයෙන් කතා කරන්නීය. සිනාසෙන්නීය. ඇගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නීය.

ඇගේ නවතම ග්‍රන්ථයේ ප්‍රවර්ධන කටයුතු සඳහා කෝචි නගරයට පැමිණි අවස්‌ථාවේදී ඇය ඉන්දියාවේ ස්‌ත්‍රී දූෂණ රැල්ල ගැන ඇගේ අදහස්‌ දැක්‌වූවාය.

Ñඉන්දියාවේ දවසින් දවසම වැඩි වෙන ස්‌ත්‍රී දූෂණවලට හේතුව වෙන්නේ ප්‍රචණ්‌ඩත්වයත්, පුරුෂාධිපත්‍යයත්, කාන්තාවන්ගේ අනවශ්‍ය යටහත් බවත් තමයි. ඒත් අපි වරද පැටවිය යුත්තේ ඒ කාරණාවන්වලටම විතරක්‌ නෙවෙයි. ඒක බෙහෙවින් හානිදායකයි. ඒ වගේමයි ස්‌ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම පැනවීමත් මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වෙන්නේ නෑ. කාන්තාවනුත් තමන් හා සමානම මනුෂ්‍යයන් බව සිතන්නට හැකි අන්දමේ අධ්‍යාපනයක්‌ අපි අපේ පිරිමි දරුවන්ට ලබා දිය යුතුයි. ඒ වගේම ගැහැනුන්ටත් පිරිමින් හා සමානවම මානුෂිකව සලකන සමාජයක්‌ බිහි කිරීමට අපි සමාජයේ ආකල්පමය වෙනසක්‌ සිදු කළ යුතුයි.’ තස්‌ලිමා කියන්නීය.

1994 අවුරුද්දේදී ඇගේ පළමු පොත ප්‍රකාශයට පත් කළ පසුව ඇයට බංග්ලාදේශයෙන් පිටුවහල් වීමට සිදු විය. බංග්ලාදේශයෙන් පිටුවහල් වුණු ඇය නිව්යෝක්‌ නගරයටත්, එතැනින් ස්‌වීඩනයටත්, ස්‌වීඩනයෙන් එක්‌සත් රාජධානියටත් පදිංචිය මාරු කළ ඇය ඉන් පසුව ඉන්දියාව තමන්ගේ නිවස ලෙස සලකන්නට පටන් ගත්තාය. එහෙත් ඇය Ñනොපිළිගත හැකි’ යමක්‌ ලියන හැම විටකදීම ඇය වටා සිටින්නවුන් ඇයට Ñනැවතත් තමන්ගේ රටට යන්නැයි’ කියන විට කම්පනයට පත් වූවාය.

‘එතකොට තමයි මම තේරුම් ගත්තෙ මේ මගේ රට නෙවෙයි කියලා. නූගත් මිනිසුන් වගේම උගත් යෑයි සම්මත මිනිසුනුත් මට කිව්වේ Ñආපහු යන්න’ කියලා. ඒත් කොහොමද ආපහු යන්නෙ..? මට රටක්‌ නෑ. මට ගෙදරක්‌ නෑ. මගේ රට Ñසැබෑ මනුෂ්‍යත්වයයි’. මගේ ගෙදර මට හැබෑම සැනසීමක්‌ දැනෙන තැනයි. මගේ අය කියලා මම සලකන්නේ මනුෂ්‍යත්වයට ගරු කරන, මානව හිමිකම් විශ්වාස කරන අයවයි.’

ලිංගිකත්වය පිළිබඳව කතා කරන්නට බිය නොවන ඇය, මිනිසුන් තමා කෙරේ අකමැත්තක්‌ දක්‌වන්නට එයද හේතුවක්‌ ලෙස දකින්නීය.

‘පිරිමි කතුවරුන් හිතන්නේ ලිංගිකත්වය පිළිබඳව ලියන එක තමන්ට විතරක්‌ ලැබුණු විශේෂ වරප්‍රසාදයක්‌ කියලා වගේම, කාන්තාවන්ට ඒ ගැන ලියන්නට කිසිසේත්ම අයිතියක්‌ නැහැ කියලා. ඔවුන් හිතන්නේ කාන්තාවන්ගේ සතුට සහ වේදනාව ගැන කතා කරන්නට අයිතිය තියෙන්නේ ඔවුන්ට විතරයි කියලා. ඒ ගැන මම කතා කළොත් ඒක දකින්නේ නොසරුප් දෙයක්‌ හැටියටයි. මං හිතන්නෙ මම ඔවුන් ගැනත් ලියාවි කියලා ඔවුන්ට බයක්‌ දැනෙනවා ඇති. ඒ නිසා මගේ පොත් තහනම් කරලා මාව පන්නා දමන්නට ඔවුන් වෑයම් කරනවා. ඒත් මම ඒ හැම දෙයක්‌ ගැනම ලියනවා.. මම ඉන්නේ කොහෙද කියන එක මට ප්‍රශ්නයක්‌ නෙවෙයි..’ ඇය කියයි. ‘කොහොම වුණත් මගේ මලයාලි පාඨකයන් මගේ පොතට කැමතියි කියා කියන එක නම් මට ලොකු ධෛර්යයක්‌…’ ඇය එසේ කීවේ කෝචි ටයිම්ස්‌ පුවත්පතේ මාධ්‍යවේදියකුටය. එකී සම්මුඛ සාකච්ඡාවයි මේ.

කේරලයේ කලෙක මාතෘමූලික සමාජයක්‌ තිබුණා යෑයි කිව්වොත්, ‘කේරලයේ මාතෘ මූලික සමාජයක්‌ තිබුණා කියා මම හිතන්නේ නෑ. මානව විද්‍යාඥයන්ට අනුව ලෝකයේ කොහේවත් මාතෘ මූලික සමාජයක්‌ තිබිලාත් නෑ. කේරල සමාජය මාතෘවාසික සමාජයක්‌ව තිබුණා යෑයි කීවොත් නම් හරි. දේපළ අයිතිය ගැහැනුන්ට තිබුණත් ඒවායේ පාලනය මුළුමනින්ම සිදු කෙරුණේ පවුලේ පිරිමි උදවිය අතින්. කොහොම වෙතත් ගැහැනුන්ට ලිංගිකත්වය ගැන තීරණ ගන්නට අයිතිය නම් තිබුණා. කාලයකට පෙර ලෝකයේ රටවල් ගණනාවක ‘ස්‌වයංවර’ චාරිත්‍රය තිබුණා. පූර්ව ඉස්‌ලාමික යුගයේදී අරාබි රටවල පවා කාන්තාවන්ට තමන්ගේ ස්‌වාමි පුරුෂයා තෝරා ගැනීමේ අයිතියක්‌ තිබුණා. ඉස්‌ලාම් ආගමට පමණක්‌ නෙවෙයි කතෝලික ආගමටත් මෙය පොදු දෙයක්‌. ආගම් විසින් ලෝකය පාලනය කරන්නට පටන් ගත්තායින් පසුව වඩාත් පීඩනයට පත් වුණේ කාන්තාවන්. අතීතයේදී ඉරානයේ පවා යුද්ධයට ගිය කාන්තාවන් සිටියා. ඒත් වර්තමානයේ ඉරාන කාන්තාවට හිජාබය නැතිව ගෙයින් එළියට බහින්නටවත් අවසරයක්‌ නෑ. වර්තමානය වන විට පීඩනය දරාගන්නට බැරිව ඉරාන කාන්තාව හිජාබය ගිනි තියන්නට පවා පෙළඹිලා තියෙනවා. ඒත් මේ රෙජීමය විසින් කාන්තාවට නිදහසක්‌ දේවි යෑයි මම හිතන්නේ නෑ. මම තරුණ කාලයේදී හිජාබයක්‌ ඇඳ උන්නේ එහෙමත් කාන්තාවක්‌ විතරයි. ඒත් දැන් වෙනකොට හිජාබයක්‌ නොඇඳපු කෙනෙක්‌ දකින්නත් නැති තරම්. මට දැනෙන්නේ මිනිසුන් කාලයේ ආපස්‌සට ගමන් කරනවා වගෙයි.’

නිර්භයාගේ සිදුවීමට පස්‌සේ එවැනි බොහෝ ස්‌ත්‍රී දූෂණ සිදුවුණා. මෑතකදී අවුරුදු අටක දැරියක්‌ පවා සමූහ දූෂණයට ලක්‌ වුණා. මේ තත්වය වෙනස්‌ වේවි යෑයි ඔබ සිතනවාද.?

Ñසමාජය යහපත් අතට හැරිලා තියෙනවා කියලා අපි හිතන ගොඩක්‌ අවස්‌ථා වල ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන එකම තමයි. කොහොම වුණත් යම් ප්‍රගතියකුත් නැත්තේම නෑ. ගැහැනු දරුවකුට පාසල් යන්නට අවසරයක්‌ නැති, කාන්තාවකට රැකියාවක්‌ කරන්නට අවසරයක්‌ නැති කාලයක්‌ තිබුණා. අපේ අත්තම්මලා ජීවත් වුණ කාලයට වැඩිය ලොකු නිදහසක්‌ අපි අද අත් විඳිනවා. මීටත් වඩා හොඳ කාලයක්‌ ඉදිරියට ඒවි. ඒත් ඒ කාලය ඉබේ උදාවෙන්නේ නෑ. අපි නිහඬව නොසිටිය යුතුයි. දිගින් දිගටම අරගල කළ යුතුයි. රජයක්‌ වුණත් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නේ ජනතා විරෝධය මතින් තමයි.

ස්‌ත්‍රී දූෂණය අපරාධයක්‌ ලෙස නොසැලකුනු කාලයක්‌ තිබුණා. තමන් දූෂණයට ලක්‌වුණ බවක්‌ කියන්නට කාන්තාවන්ට ධෛර්යයක්‌ නොතිබුණ කාලයක්‌ තිබුණා. අඩු ගානේ වර්තමානය වෙනකොට කාන්තාවට ඒ ගැන ප්‍රකාශ කරන්නට ධෛර්යයක්‌ ඇතිවෙලා තියෙනවා. ස්‌ත්‍රී දූෂණය කියන්නේ අපරාධයක්‌ බව සමාජය දැනුවත් වෙලා තියෙනවා. එයම ලොකු ගමනකට ආරම්භයක්‌.’

කේරලයේ මාධවී කුට්‌ටි තවත් එක්‌ නිර්භීත ස්‌ත්‍රීවාදී ලේකාවක්‌, ‘ඔව් මට ඇයව මුණගැසී තියෙනවා. ඇය ලියන දේවල් මම කියවා තිබෙනවා. මම ඇය ලියන දේවල්වලට බොහොම කැමතියි. ඒත් මං අකමැති කාරණාවකුත් තියෙනවා. වරක්‌ ඇය මට පැවසුවා ඇගේ ජීවිතයේදී ඇය කළ ලොකුම මෝඩකම ඉස්‌ලාම් ආගම වැලඳ ගැනීමයි කියලා. ඒත් ඇයට ඒ තීරණය වෙනස්‌ කරන්නට පුළුවන්කමක්‌ නැත්තේ ඇගේත්, ඇගේ දරු මුණුබුරන්ගේත් ජීවිත ආරක්‌ෂාව ගැන හිතන නිසා කියලා. ඉන් පස්‌සේ මම මාධ්‍යයට කිව්වා ඇයට පොලිස්‌ ආරක්‌ෂාව දිය යුතු බවත්, ඇයට කැමති ආකාරයකට කැමති ආගමක්‌ අදහන්නට නිදහස තිබිය යුතු බවත්. ඒත් ඇය ඒ කතාව ප්‍රතික්‌ෂේප කරලා තිබුණා. සමහර විට ඇයට බය හිතෙන්න ඇති.

කොහොම වුණත් ඇගේ ජීවිත කාලය පුරාවට ඇය කළ දේ නම් අගය කරන්නටම ඕනෑ. ස්‌ත්‍රීවාදී ලේකාවකට බොහෝ අරගල කරන්න සිදුවෙනවා. එවැන්නියකගේ සිතිවිලි අකුරු බවට පත් කිරීම ලේසි පාසු කාර්යයක්‌ නෙවෙයි. පුරුෂයන් ස්‌ත්‍රීවාදයට කොතරම් වෛර කරනවාද කියලා ඔබ අපි හැමෝම දන්නවනෙ..’

පිරිමින් ස්‌ත්‍රීවාදයට බිය බව හෝ වෛර කරන බව ඔබ සිතන්නේ ඇයි.?

ස්‌ත්‍රීවාදය හෝ ස්‌ත්‍රීවාදීන් කියන වචනවලට පවා ඔවුන් බයයි. ඔවුන්ගේ බලය ස්‌ත්‍රීවාදීන් විසින් ඩැහැගනීවි කියලා ඔවුන් බයයි. පිරිමින්ගේ ආධිපත්‍යයත් බලයත් ඉක්‌මවා යන එක තබා ගැහැනුන්ට සමාන අයිතිවාසිකම් හෝ යුක්‌තිය හෝ ලැබෙනවාට පවා ඔවුන් අකමැතියි. අපි ජීවත් වෙන්නේ පීතෘ මූලික සමාජයක… ස්‌ත්‍රීවාදීන් විසින් තමන්ගේ බලය අත්පත් කරගෙන සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ ගැහැනුන් විඳි දුක්‌ ගැහැටවලට වන්දිය ලබා ගනීවි කියලා ඔවුන් බයයි. ඒත් ස්‌ත්‍රීවාදයට අවශ්‍ය එය නෙවෙයි. මේ ලෝකය සම සමව බෙදා ගැනීමේත් අත්විඳීමේත් අයිතිය විතරයි.

නිම්මි මුදිතා හේරත්

සංස්‌කරණය චතුර පමුණුව

 

Link

Advertisements
This entry was posted in ඉස්ලාම් මර උගුලෙන් ගැලවුනු කාන්තාවෝ, තස්‌ලිමා නස්‌රීන්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )