සෆීනා ළදැරිය කාමුක නබිගේ අනුගාමිකයෙක් අතින් ඝාතනය වුනාද?

පුංචි සෆීනා මැරුණාද මැරුවාද…?
හැව්ලොක්‌ සිටි අභිරහස

කාලයක සිටම මෙරට දරු පරපුර සිටිනුයේ ඉතා අවාසනාවන්ත අනාරක්‍ෂිත බවකට මුහුණදී ය. ඒ බව සනාථ කෙරෙන සිදුවීම් රැසක්‌ ඉකුත් කාලයේ විටින් විට රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූයේ දැඩි සමාජ කම්පනයක්‌ද ඇති කරමිනි.

විටෙක දරුවෝ අතුරුදන් වූහ. තවත් විටෙක දරුවකු පැහැර ගන්නා කිසියම් නරුමයකු කප්පම් ඉල්ලා පැහැරගත් දරු පැටියාගේ ජීවිතයට ලන්සු තැබූ අවස්‌ථාද විය. ඇතැම් විටෙක මල්වන් දරු පැටවුන් කෲර ලෙස ඝාතනය කෙරිණි. එසේම හයක්‌ හතරක්‌ නොදත් දරුවන් අවාසනාවන්ත සිදුවීම් හමුවේ මරණයට ගොදුරු වූ සිද්ධීන්ද තිබිණි.

මේ අතරේ කාමුක අධමයන් තිරිසන් ලෙස දරුවන් දූෂණයට ලක්‌ කළ අප්‍රසන්න කතාද බොහෝ විය. මෙවන් දේ ඇසෙද්දී මිනිසුන් වශයෙන් අපි කම්පනයට පත් වුණෙමු. නමුත් මුහුණ දී සිටින අනාරක්‍ෂිත බවෙන් අපේ දරුවන් බේරා ගැනීමට ඒ කම්පනය ප්‍රමාණවත් වූයේද? ඊට දියහැකි පැහැදිලි පිළිතුර වන්නේ නැත යන්නය.

මන්ද මේ මොහොතේත් රටේ දරුවන් සිටිනුයේ සුපුරුදු අනාරක්‍ෂිත බව තුළම සිරවීය. ඉකුත් සතියේ වැල්ලවත්ත “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයෙන් වාර්තා වූ සිව් හැවිරිදි සෆීනා නව්ෂාඩ් දැරියගේ මරණය අපට පෙන්වා දෙන්නේ එකී අනාරක්‍ෂිත බවය.

සුපුරුදු අනාරක්‍ෂිත බවේ ගොදුරක්‌ වූ සෆීනා සිඟිත්තිය මිය ගියාය. එහෙත් මේ වන විට ඇගේ මරණයත් සමඟ සමාජය ඉදිරියේ බරපතළ ප්‍රශ්නාර්ථයක්‌ද මතුවී ඇත. ඒ සෆීනා මිය ගියේද? නැතහොත් කිසිවකු විසින් හෝ මරා දැමුවේද? යනුවෙනි.

එවන් ප්‍රශ්නයක්‌ සමාජය ඉදිරියට පැමිණීමද නිකම්ම සිදු වූවක්‌ නොවේ. එකී ප්‍රශ්නය මතුවන්නේ සෆීනාගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ “මොන්ටිසෝරි” විමර්ශනය හමුවේය. අපි එය වගකීමෙන් යුතුව සටහන් කරන්නෙමු.

සෆීනා මියෑදෙන්නේ වැල්ලවත්ත “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ ඉහළ මාලයකින් ඇද වැටීමෙනි. එහෙත් එකී ඇද වැටීමේදී කිසිවකුගේ ග්‍රහණයකට හසුවීමෙන් ඇයට එම ඉරණම අත්වූවාද නැතහොත් අහම්බයකින් ඇය තට්‌ටු නිවාසයේ ඉහළ මාලයකින් ඇද වැටුණේද යන්න ඇගේ මරණයත් සමගම මතු වූ ගැටලුවක්‌ විය.

නමුත් එසේ ගැටලුවකින් ඇරඹෙන ඇගේ මරණයේදී, හයහතර නොදත් සිඟිත්තියකට අත්වූ ඒ බිහිසුණු ඉරණම පිළිබඳ විමර්ශන කටයුතු භාර ගන්නේ ප්‍රදේශයේ පුංචි පුංචි වලි, සියදිවි නසා ගැනීම්, බැණ ගැනීම් ආදී ලෙසින් වන පොඩි පැමිණිලි විභාග කිරීමට ඇති වැල්ලවත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශය මගිනි.

එසේ සිදු වූයේ පුංචි සෆීනාගේ අබිරහස්‌ මරණය පොලිසියට සුළු එකක්‌ වූ නිසාදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් එසේ විමර්ශන අරඹන වැල්ලවත්ත පොලිසිය අවසානයේ එක්‌ අපූරු නිගමනයකට පැමිණෙන්නේ අංජනම් එළි බැලුවාක්‌ පරිද්දෙනි. එහිදී පොලිසිය කියනුයේ කුමක්‌ද?

සිය සොයුරියත් සමග විදුලි සෝපානයේ නැගී නිවාස සංකීර්ණයේ එකොළොස්‌ වැනි තට්‌ටුවට යන සිඟිත්තිය සෝපානයේ තනි වී නිවාස සංකීර්ණයේ ඉහළට ගමන් කිරීමෙන් පසු විසි දෙවැනි තට්‌ටුවෙන් පිටතට පැමිණ එහි හදිසි දොරටුව සහිත කොරිඩෝවේ බැල්කනියේ සිට පහළට ඇද වැටුණේ යෑයි සැක කරන බවය.

මේ සැකය අතරේ සෆීනාගේ මරණය පිළිබඳ මූලික මහේස්‌ත්‍රාත් පරීක්‍ෂණය සේම පශ්චාත් මරණ පරීක්‍ෂණයද සිදු වන්නේය. එහිදී අවසන් තීරණය ලෙස කියෑවෙන්නේ “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් වැටී හිසට සහ සිරුරට සිදූ වූ බරපතළ තුවාල හේතුවෙන් සෆීනාගේ මරණය සිදු වූ බවය.

එහෙත් නිවාස සංකීර්ණයේ විසි දෙවැනි මහලින් පුංචි සෆීනා ඇද වැටුණේ යෑයි පොලිසිය නිගමනය කරද්දී එවන් නිගමනයකට ඒමට පෙර විමර්ශනය කළ යුතු සිදුවීම් ගණනාවක්‌ පොලිසිය විසින් මඟ හරිනු ලබන්නේ අරුම පුදුම ලෙසිනි. ඒ මෙසේය.

“හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ වූ ක්‍රීඩා පිටියේ සිට, සිය සොයුරිය සමඟ විදුලි සෝපානයට නැගි පුංචි සෆීනා එකොළොස්‌ වැනි මහලේ වූ මිත්තනියගේ නිවසට යැමට පිටත් වන්නේ වතුර පානය සඳහාය. දැනට තිබෙන සීසීටීවී දර්ශන අනුව ඒ මොහොතේ සෝපානයේ සිටිනුයේ සෆීනාත් සොයුරියත්ය. වෙනත් කිසිවකුත් එහි නොවන්නේය.

එසේ නම් දැරියන් දෙදෙනා එකොළොස්‌ වැනි තට්‌ටුව දක්‌වා ගිය ඒ ගමනේදී සාමාන්‍යයෙන් විදුලි සෝපාන ක්‍රියාත්මක වන ක්‍රමවේදය අනුව නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය ක්‍රියාත්මක විය යුත්තේ එකොළොස්‌ වැනි තට්‌ටුව දක්‌වා පමණි.

එසේ පැමිණීමෙන් පසු සෆීනාගේ සොයුරිය විදුලි සෝපානයේ නැවතුම් බොත්තම තෙරපාගෙන සිටින ලෙස සෆීනාට පවසා සෝපානයෙන් බැස යන්නීය. නමුත් ඒ මොහොතේම සිඟත්තියගේ අතින් නැවතුම් බොත්තම ගිලිහීමෙන්දොa සෝපානයේ දොරටුව වැසී යයි. මේ සමඟ බියට පත්වන සිඟිති සෆීනා දිව එන්නේ සෝපානයේ දොරටුව අසලටය.

දැනට ඉදිරිපත්ව ඇති සීසීටීවී දර්ශනවලින් එය පැහැදිලි වන කරුණකි. මෙහිදී සෆීනා අතින් සෝපානයේ වෙනත් මහලක බොත්තමක්‌ එබීම සිදු නොවන බවද සීසීටීවී දර්ශන තහවුරු කරන්නේය.

එහෙත් දැරියන් දෙදෙනා එකොළොස්‌ වැනි තට්‌ටුව දක්‌වා පමණක්‌ පැමිණි සෝපානයේ සෆීනා එහි සිර වීමෙන් පසු ඉහළට යන්නේය. එකී ඉහළට යැමද සීසීටීවී දර්ශන මගින් පැහැදිලි වන්නකි. සෝපානය එසේ ඉහළට ගියේ කෙසේද?

සාමාන්‍යයෙන් විදුලි සෝපාන ක්‍රියාවලියට අනුව දැරියන් දෙදෙනා එකොළොස්‌ වැනි තට්‌ටුව දක්‌වා පමණක්‌ පැමිණි විදුලි සෝපානය එසේ ඉහළ මහලක්‌ වෙත ගමන් කිරීමට නම් කිසිවකු විසින් හෝ ඉහළ සිට සෝපානය කැඳවීමට ඇති පිටත බොත්තම ඔබා එය කැඳවිය යුතුය. නැතහොත් සෝපානය එසේ ඉහළට යැමක්‌ සිදු නොවන්නේය.

එසේ නම් එලෙස විදුලි සෝපානය කැඳවූයේ කවුරුන්ද? පැහැදිලිවම විදුලි සෝපානයේ සිරවී ඉහළට ගිය සුංචි සෆීනා තට්‌ටු නිවාසයෙන් බිමට ඇද වැටීමට පෙර මුණගැසිය යුත්තේ ඔහුට හෝ ඇයටය. නමුත් සිදු කළ විමර්ශනයේදී ඒ කෙරෙහි පොලිසියේ අවධානය යොමු වූයේද යන්න ගැටලුවකි.

කෙසේ වෙතත් අදාළ තට්‌ටු නිවාසයේ විදුලි සෝපාන දෙකක්‌ ක්‍රියාත්මක වූ බැවින් එසේ සෆීනා සිටි විදුලි සෝපානය කැඳවූ පුද්ගලයා අනෙක්‌ සෝපානය ළඟා වූ බැවින් එහි නැගී ගියා යෑයි යන්නද මෙහිදී බැහැර කළ නොහැක්‌කකි.

එහෙත් එය බැහැර කළ යුතු වන්නේ සෆීනා සිඟිත්තිය සෝපානයේ සිරවී ඉහළට ගිය අතර වාරයේ දෙවැනි මහලේ සිටි ඇගේ මව “නංගි කොහේදැයි” සෆීනාගේ සොයුරිය විමසමින් අනෙක්‌ සෝපානයෙන් එකොළොස්‌ වැනි මහල වෙත ළඟා වීම නිසාය.

කවුරුන් විසින් හෝ ඉහළ මාලයක හිඳ සෆීනා සිරවී සිටි සෝපානය කැඳවා එය ප්‍රමාද වෙද්දී අනෙක්‌ සෝපානයේ ගමන් කළේ නම් සෆීනාගේ මරණය සිදුවීමේදී ගෙවී යන කාල පරාසය අනුව ඇගේ මවට පැමිණෙන්නට එම දෙවැනි සෝපානය ඇය සිටිs මහලේ තිබීමට ඇති සම්භාවිතාව අවම එකකි.

එහෙත් පොලිසිය එවන් විමර්ශනයක යෙදුණේ දැයි පැහැදිලි නොවේ. සෆීනාගේ මරණයේදී කුමක්‌ සිදු වූයේද යන්න නිසි ලෙස විමර්ශනය කිරීම පොලිසියේ වගකීමක්‌ වන්නේය. මන්ද සෆීනා යනු ලෝකය පිළිබඳ වැටහීමක්‌ නැති සිව් හැවිරිදි දැරියක්‌ බැවිනි. නමුත් පොලිසිය එය වටහාගෙන සිටියේද යන ප්‍රශ්නය පොලිසියෙන් විමසන්නට මෙකී විමර්ශනය දෙස බැලීමේදී අපට සිදුව තිබේ.

සෆීනාගේ මරණය පිළිබඳ කළ විමර්ශනයේදී සැකයක්‌ මත පදනම් වූ පොලිසියේ නිගමනය වී තිබෙන්නේ පුංචි සෆීනා තට්‌ටු නිවාසයේ විසි දෙවැනි මහළේ සිට ඇද වැටුණු බවය. එහෙත් පොලිසිය සෆීනා ඇද වැටුණේ යෑයි කියනු ලබන ස්‌ථානය අනුව ඇය එහි යන්නට නම් මුලින්ම හැකි වෙර යොදා එම මහළේ තිබෙන හදිසි දොරටුව විවර කළ යුතුය. එහිදී සිඟිත්තිය ගොඩනැගිල්ලෙන් බිමට වැටිය යුත්තේ බැල්කනි තාප්පයටද නැගීමෙන් අනතුරුවය.

එකී තාප්පයේ උස අඩි හතරහමාරකට ආසන්න වූවකි. සෆීනාගේ උස අඩි තුනයි අඟල් කිහිපයකි. මේ අනුව සෆීනා සඟිත්තිය අදාළ හදිසි දොරටුව විවර කරගෙන බැල්කනිය මතට නැගුණේ නම් නියත වශයෙන්ම ඇගේ ඇඟලි සටහන් හදිසි දොරටුවේ මෙන්ම බැල්කනියේ ඉහළින්ම ඇති ඔප දැමූ යකඩ වැටෙහිද තිබිය යුතුය. එසේම බැල්කනියේ තාප්පයෙහි ඇඟේ එකම එක පා සටහනක්‌ හෝ වැදිය යුතුය.

එහෙත් සෆීනා සිඟිත්තිය තට්‌ටු නිවාසයේ විසි දෙවැනි මහළින් ඇද වැටුණේ යෑයි පොලිසිය නිගමනය කළද එය තහවුරු කිරීම සඳහා කළ හැකි විධිමත් පරීක්‍ෂණයක්‌ වන ඇඟිලි සටහන් වාර්තාවක්‌ ලබා ගැනීමට පවා පොලිසිය ක්‍රියා නොකරන්නේය.

අපි සෆීනාගේ මරණයත් සමඟ ඒ පිළිබඳ එක්‌තරා උසස්‌ පොලිස්‌ නිලධාරියකුගෙන් විමසා සිටියෙමු. එහිදී ඔහුගේ පිළිතුර වූයේ පුංචි දරුවකු නිසා එවන් ඇඟලි සලකුණු පරීක්‍ෂාවක්‌ නොකළ බවය.

නමුත් කිසිදු අවබෝධයක්‌ රහිත සිඟිත්තියක නිසාම සෆීනාගේ මරණය සිදු වූයේ කෙසේදැයි යන්න සැක හැර තහවුරු කිරීම පොලිසියේ වගකීම බව අපි නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. ඇගේ මරණය සිදු වූ අන්දම තහවුරු කළ හැකි ඕනෑම පරීක්‍ෂණයක්‌ තුළින් එය සිදු කිරීමට පොලිසිය ක්‍රියා කළ යුතුය. එහෙත් පොලිසියට ඇති වගකීම එසේ වෙද්දී එය නොකර සිටියේ කුමක්‌ නිසාද?

මෙහිදී බැහැර කළ නොහැකි තවත් කරුණක්‌ද ඇත. ඒ අදාළ “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා පද්ධතිය පිළිබඳ මතු වන ගැටලුවය. සෆීනාගේ මරණය පිළිබඳ පැවති අධිකරණ පරීක්‍ෂණයේදී ඇය සමඟ අවසන් වරට සිටි සෆීනාගේ සොයුරිය වටිනා කාතාවක්‌ කියන්නීය.

“නංගිට හෝල්ට්‌ බට්‌න් එක ඔබාගෙන ඉන්න කියලා මම ලෆ්ට්‌ එකෙන් එළියට ආවා. එවෙලේ ලෆ්ට්‌ එක වැහුණා. ඒ එක්‌කම ටික වෙලාවකින් දෙවැනි තට්‌ටුවේ සිටි අපේ අම්මා අනෙක්‌ ලෆ්ට්‌ එකෙන් උඩට ආවා. පස්‌සේ අම්මා මගෙන් නංගි කෝ කියලා අහලා ආයෙත් ලෆ්ට්‌ එකේ ගියා.

එවෙලේ මම අනෙක්‌ ලෆ්ට්‌ එකෙන් කෙලින්ම ගියේ ගොඩනැගිල්ලේ පහතම තට්‌ටුවේ තිබුණ සිකියුරිටි අංකල්ලා හිටිය තැනට. එතනට සිසීටීවී කැමරාවල දර්ශන පෙනෙනවා. එතැනදී තමයි මම දැක්‌කේ බිම වැටිලා හිටිය නංගි ළඟට වෙලා අම්මා අඬනවා..”

ඇගේ එම ප්‍රකාශයට අනුව සෆීනා බිමට වැටීමෙන් පසුවද “හැව්ලොක්‌ සිටි” ගොඩනැගිල්ෙa වූ සීසීටීවී කැමරාවකට එකී දර්ශනය හසු වී ඇත. එසේ නම් මේ සිඟිත්තිය එකොළොස්‌ වැනි මහලේ සිට විදුලි සෝපානයේ සිරවී ඉහළ මහලක්‌ වෙත ගොස්‌ මාරාන්තික අනතුරට මුහුණ දෙන තැන දක්‌වා කිසිදු දර්ශනයක්‌ “හැව්ලොක්‌ සිටි” ගොඩනැගිල්ලේ කිසිදු සීසීටීවී කැමරාවකට හසු නොවූයේ කෙසේද?

අපි මේ සියල්ල පිළිබඳ විමසීමක යෙදීමට ඉකුත් බදාදා දිනයේ “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණය වෙත ගියෙමු. එහෙත් එහි සිටි ආරක්‍ෂක නිලධාරින් අපේ අනන්‍යතාව තහවුරු කරද්දීත් එහි යන්නට අප ඉඩක්‌ නොදුන්නේය. ආරක්‍ෂක කුටියේ සිටි ප්‍රධානියා කිසිවකුට දුරකථන ඇමතුමක්‌ දී අපේ පැමිණීම දන්වා සිටියද පසුව ඔහු කීවේ නිවාස සංකීර්ණයේ නිවැසියන්ගේ නියෝජනය සහිත සමිතියක්‌ ඉඩ නොදෙන බැවින් ඇතුළු වීමට අවසර දිය නොහැකි බවකි.

එකී සමිතිය කුමක්‌දැයි අපි නොදන්නෙමු. එසේම “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ සියල්ල පාලනය වන්නේ එවන් සමිතියකින් මගින් යෑයි යන්නද අපි විශ්වාස නොකරන්නෙමු. එසේ මාධ්‍යයට සෆීනාගේ මරණය පිළිබඳ සොයා බැලීමට ඇති අයිතියට “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක අංශ බාධා කරනු ලැබුවේ කාගේ වුවමනාවටද? එයද සැකයට තුඩු දෙන්නකි.

සෆීනාගේ මරණය පිළිබඳ ඇති සැකයේ කතාව එසේ වුවද මේ වන විට ඇගේ මරණය පිළිබඳ අවසන් වගකීම පැවරී ඇත්තේ “හැව්ලොක්‌ සිටි” නිවාස සංකීර්ණයේ බැල්කනි තාප්පයටය. එහෙත් සිදු විය යුත්තේ එයද? සිඟිති සෆීනාට අත්වූ ඉරණම පිළිබඳ පොලිසිය සිදු කළ “මොන්ටිසෝරි” විමර්ශනය හමුවේ අපට අවසන් වශයෙන් පොලිසියෙන් අසන්නට ඇත්තේ ඒ ටිකය.

සමන් ගමගේ

Advertisements
This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, සිව් හැවිරිදි සෆීනා නව්ෂාඩ් දැරිය. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )