වසීම් ලෙබ්බේ අතින් කම්බස් වූ බිළිඳිය හා ඇගේ පිට ආගමික මව.


ඉපදුණු හැටියේ බිලිඳිය මරා පුළුස්‌සා
අළු ටික බොල්ගොඩ ගඟට දමලා

මව අත්අඩංගුවට

* ඇය සමාජ ශාලා සේවිකාවක්‌
* ඇගේ පෙම්වතාත් සොයා පරීක්‍ෂණ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

දෙහිවල, වෛද්‍ය පාරේ කුලී නිවසකදී බිලිඳියක ඉපදුණු සැටියේ මරා දමා පුළුස්‌සා එහි අළු මොරටුව, බොල්ගොඩ ගඟට දැමූ බව කියන කාන්තාවක දෙහිවල පොලිසිය මගින් ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙයට හවුල් වූ බව කියන ඈ සමග සම්බන්ධයක්‌ පැවැත්වූ තරුණයකුද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත.

අත්අඩංගුවට පත් සැකකාරිය 23 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වේ. මැය මීට මාස කීපයකට උඩදී දෙහිවල, වෛද්‍ය පාරේ කුලී නිවසක පදිංචියට පැමිණ ඇත.

පසුව ඇය දෙහිවල රාත්‍රි සමාජ ශාලාවක සේවයට යන අතරතුරේ කොළඹ හැව්ලොක්‌ ටවුන්හි සමාජ ශාලාවක සේවය කරන 25 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. පසුව දෙදෙනා දෙහිවල, වෛද්‍ය පාරේ කුලී නිවසේ එකට හිඳ ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි. එහි ප්‍රතිඵලයක්‌ හැටියට මැය බිලිඳිය ප්‍රසූත කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

“මට ගැහැණු දරුවෙක්‌ ඉපදුණා. පස්‌සේ මම වසිම් එක්‌ක එකතුවෙලා ළමයව මරලා පිච්චුවා. ඊට පස්‌සේ ළමයාගේ අළු ටික මොරටුව බොල්ගොඩ ගඟට ගිහින් දැම්මා….” යෑයි සැකකාරිය පොලිසියට පාපොච්චා රණයක්‌ කර තිබේ.

බිලිඳියගේ අළු බොල්ගොඩ ගඟට දමා නිවසට පැමිණ ඇති මෙම යුවළ අතර පසුව ආරවුලක්‌ ඇතිවී තිබේ. එහිදී තරුණයා තරුණිය අත්හැර දමාගොස්‌ තිබේ.

මෙම යුවළ නිත්‍යානුකූලව විවාහ වී නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

සැකකාරිය වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

මේ පිළිබඳව දෙහිවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සේනක රත්වත්තේ මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් ඩග්ලස්‌ (48947), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන දසනායක (77397), සෙනෙවිරත්න (68992), කරුණාජීව (88934) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

http://www.divaina.com/2014/03/14/provin01.html

 

Advertisements
This entry was posted in ඉස්ලාම් පාපක්‍රියා, උපක්‍රම යොදා පිට ආගමික කාන්තාවන් දූෂණය, තමාට ජාතක බිළින්දන් මරා පිළිස්සීම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )