පෙරෝසා මුසම්මිල් මහත්මිය සිය අනියම් පුරුෂයා වන් එජාපය අත්හරී

 


පෙරෝසා මුසම්මිල් එජාපය අත්හරී

අජිත් අලහකෝන්

බස්‌නාහිර පළාත් සභාව සඳහා ඉදිරිපත් කළ තම නාමයෝජනාව ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන් එජාප ජාතික විධායක කමිටුවෙන් ඉල්ලා අස්‌වීමට කොළඹ නගරාධිපති වරයාගේ බිරිය වන පෙරෝසා මුසම්මිල් මහත්මිය තීරණය කර ඇත.

මින් ඉදිරියට තමන් එජාපය සමග කිසිදු සම්බන්ධකමක්‌ නොපවත්වන බවද මුසම්මිල් මහත්මිය එක්‌සත් ජාතික පක්‍ෂයේ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිතව දැනුම් දී ඇත.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ එජාප ඡන්ද පදනම ශක්‌තිමත් කිරීමට සහ පක්‍ෂයේ උන්නතිය උදෙසා විශාල කාර්යභාරයක්‌ කළ තමන් “කාන්තා සවිය” නමැති සංවිධානය ආරම්භ කර කොළඹ මහ නගර සභාවේ අනුග්‍රාහකත්වයකින් තොරව සෑම වසරකම කාන්තාවන්ට සිසුන්ට මෙන්ම ළමා පරපුරටද දැවැන්ත මෙහෙවරක්‌ කළ බව මුසම්මිල් මහත්මිය සිය ලිපිය මගින් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ඒ සෑම කාර්යයකම අරමුණ වූයේ එජාපය ශක්‌තිමත් කිරීම බවද “කාන්තා සවිය” සංවිධානයේ බලවත් ඉල්ලීම මත තමන් බස්‌නාහිර පළාත් සභා මැතිවරණය සඳහා තරග කිරීමට පක්‍ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටි බවද පවසන මුසම්මිල් මහත්මිය කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව නාමයෝජනා මණ්‌ඩලය විසින් තම නම ප්‍රතික්‌ෂේප කර ඇතැයි පවසන්නීය.

එජාපය කිසියම් පිරිසක්‌ විසින් සිර අඩස්‌සියට පත් කරගෙන ඇතැයිද විවිධ පාර්ශ්වයන්ගේ බලපෑම්වලට සිරකරුවන්ව සිටින පිරිසක්‌ තම නාමයෝජනාව ප්‍රතික්‌ෂේප කර ඇතැයිද පවසන ඇය ජාතික නායකත්වයේ මෙන්ම නායකත්ව මණ්‌ඩලයේද පවතින අර්බුදකාරී ක්‍රියා පිළිවෙත් නිසා පාක්‍ෂිකයන් තුළ එජාපය කෙරෙහි ඇති විශ්වාසය දිනෙන් දිනම පළුදු වන බවද සඳහන් කරයි.

එජාපය කිහිප දෙනකුගේ බූදලයක්‌ ලෙස සලකා කටයුතු කිරීම අතිමහත් බහුතර පාක්‍ෂිකයනට කරන බලවත් අසාධාරණයක්‌ බවද ජනතාව තමන් කෙරෙහිතැබූ විශ්වාසයට ගරු කරමින් තවදුරටත් “කාන්තා සවිය” සංවිධානයේ කටයුතු ඉදිරියට කරගෙන යන බවද පවසන මුසම්මිල් මහත්මිය එහෙත් එජාපය සමග මින් මතු කිසිදු සබඳතාවක්‌ නොපවත්වන බවද රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

http://www.divaina.com/2014/02/07/news26.html

This entry was posted in ඉස්ලාමයට හිතවත් කෆීර් නායකයෝ, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, පෙරෝසා මුසම්මිල්, රනිල් වික්‍රමසිංහ, U.N.P.. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )