ඉස්ලාමෙට හානි කරන තලේබාන්ලා ගෑනු අපිට කරන හානිය – මලලා


ලොව බලවත්ම ආයුධය පොත හා පෑන බව යුසුෆ්යි මලාලා කියයි


අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කර ඒ හේතුවෙන් තලෙබාන්වරුන්ගෙන් වෙඩි කා ජීවිතය ගලවාගත් 16 හැවිරිදි මලාලා යුසුෆ්යි ඉකුත් 12 වැනිදා සිය 16 වැනි උපන් දිනය සැමරුවාය. 16 වැනි උපන් දිනය සමරන දිනයේ ඇය සිටියේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත්ජාතින්ගේ මූලස්‌ථානයේය.
ස්‌වැට්‌ නිම්නයේ මිනොග්‍රාහි උපන් මේ තරුණිය වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ ගෞරවයක්‌ දැක්‌වූ අතර 12 වැනි සිකුරාදා දිනය නම් කර තිබුණේ මලාලා දිනය ලෙසය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මලාලා හැඳින්වූයේ අපේ වීරවරිය අපේ ජයග්‍රාහකයා ලෙසයි.
ලොව පුරා විවිධ රටවලින් පැමිණි තරුණ තරුණියන් දහසක්‌ අමතමින් මේ 16 හැවිරිදි තරුණිය පැවැත්වූ විනාඩි 18 ක කථාව ලොව පුරා බෙහෙවින් අගය කිරීමට ලක්‌ව ඇත.
අපේ පොත් හා පෑන් අතට ගන්න. ඒවා තමයි බොහෝම බලගතු ආයුධ. එක දරුවෙක්‌ එක්‌ ගුරුවරියක්‌. මේ පෑනෙන් ලෝකය වෙනස්‌ කරන්න පුළුවන්. හැමවිටම අධ්‍යාපනය ප්‍රමුඛ වියයුතුයි. අධ්‍යාපනය තමයි අපට ඇති එකම විසඳුම. සිය කථාවේදී 2012 ඔක්‌තෝම්බර් 09 වැනිදා ඇයගේ නලලට වැදුනු තලේබාන් වෙඩි උණ්‌ඩය ගැනද ඇය සිහි කළාය. ඇත්තෙන්ම ඔවුන් හිතුවේ උණ්‌ඩයෙන් මාව නිහඬ කරන්න පුළුවන් වෙයි කියලයි. නමුත් ඒක බැරි වුණා. ඔවුන් අසාර්ථක වුණා. ත්‍රස්‌තවාදීන් බැලුවේ අපේ උත්සාහය වළක්‌වන්නයි. නමුත් අද අපි වෙනදාටත් වඩා ශක්‌තිමත්. මම කාටවත් විරුද්ධව කතා කරන්න ආවේ නැහැ. තලෙබාන්වරු හෝ වෙනත් ත්‍රස්‌තවාදී සංවිධානයකට එරෙහිව වෛරයෙන් කථා කරන්න අවශ්‍ය නැහැ. මම ආවේ හැම දරුවෙකුටම අධ්‍යාපනය අනිවාර්යය බව කියන්නයි. තලෙබාන්වරුන්ගේ දරුවන්ටත් අධ්‍යාපනය ලබා දිය යුතුයි. මලාලා සිය කථාව ආරම්භ කළේ මුස්‌ලිම් යාඥවක්‌ කරමිනි. අන්තවාදීන් පොත්වලට හා පෑනට බයයි. ඔවුන් කාන්තාවන්ටත් බයයි. කිසිම දරුවකු පාසල් යන නිසා ඝාතනය විය යුතු නැහැ. තලෙබාන්වරු මුස්‌ලිම් ආගමට නිගා කරනවා යෑයි මේ එඩිතර තරුණිය එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේදී ප්‍රකාශ කළාය.
1997 ජුලි 12 වැනිදා වයඹ දිග පකිස්‌තානයේ කයිබර් පක්‌තුන්ක්‌වා ප්‍රාන්තයේ උපන් මලාලා 2009 වසරේ සිට කාන්තා අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කථා කළාය. ඇගේ බ්ලොග් අඩවියේ තලෙබාන්වරුන් අධ්‍යාපන අයිතිය පැහැරගෙන ඇති අයුරු හෙළි කළාය. එම නිසාම ඇය පකිස්‌ථානයේ ජාතික සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය.
නමුත් තලෙබාන්වරු 2012 ඔක්‌තෝබර් 09 වැනිදා පාසල් ගොස්‌ එමින් සිටි මේ ශිෂ්‍යාවගේ නලලට වෙඩි තැබූ අතර ඇගේ තත්ත්වය අසාධ්‍ය වූ නිසා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඇය බ්‍රිතාන්‍ය රෝහලේ ප්‍රතිකාර ලබද්දී පකිස්‌ථාන ජනපති අසිෆ් අල් සර්දාරි පවා මේ එඩිතර තරුණිය බැලීමට පැමිණියහ. 2013 අප්‍රේල් ටයිම් සඟරාව සිය මුල් පිටුව සැරසුවේ මලාලාගේ ඡායාරූපයකින් වන අතර ඇය ලොව වඩාත් බලපෑමක්‌ කළ හැකි පුද්ගලයන් 100 අතරටද ඇතුළත් කරනු ලැබීය. මේ සඟරාවේ මලාලා ගැන සටහනක්‌ තබා තිබුණේ හිටපු ජනපති බිල් ක්‌ලින්ටන්ගේ දියණිය වන චෙල්සි ක්‌ලින්ටන් විසිනි.
වරදත්ත අකලංක

http://www.divaina.com/2013/07/20/forign02.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මලලා යූසුෆ්සායි. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )