තිස්ස කතෝලික පාස්ටර් බලෙන් තබාගෙන සිටි අපේ ඉස්ලාම් සොයුරියගේ කථාව


දකුණේ පරිවාස කොමසාරිස්‌වරියට
අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි, කතරගම – කේ. ඩී. දේවප්‍රිය

බාල වයස්‌කාර ළමයින් ලවා ඌරන් මැරවීමේ සිද්ධියට සම්බන්ධ තිස්‌සමහාරාම බෝගහපැලැස්‌ස ළමා නිවාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලබන 29 වැනි දින දකුණු පළාත් පරිවාස හා ළමාරක්‍ෂණ සේවා කොමසාරිස්‌වරියට අධිකරණයේ පෙනී සිටින්නැයි ඊයේ (22 දින) තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේය.

එම ළමා නිවාසයේ ලියාපදිංචි ළමයින් 81 දෙනාගෙන් අතුරුදන්ව සිටි වැඩි වියට පත් ගැහැනු ළමයින් හතරදෙනකු පරිවාස නිලධාරීන් විසින් ඉකුත් 08 වැනි දින අධිකරණයට ඉදිරිපත් කර ළමා අධිකාරියට භාරදුන් එම ළමයින් පිළිබඳව විමර්ශන වාර්තාව ළමා අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ නියමිතව තිබිණි.

අගුණකොළපැලැස්‌ස වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුවට යොමු කර තිබූ එම ළමයි ළමා නිවාසයේ පාලකයා වූ පාස්‌ටර්වරයා විසින් නිවාඩු කාලයේ රැගෙනවිත් තිබූ බව ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් අධිකරණයට පැවැසීය.

ඊට අමතරව එම ළමයින් හතරදෙනා අතර සිටි මුස්‌ලිම් ජාතික ගැහැනු ළමයකු ළමා නිවාසයේ බලෙන් රඳවා තබාගෙන තම නිවසට යැමට නොදීම නිසා බෝතල් කටුවකින් ඇයගේ අත් දෙක කපා තුවාල සිදුකරගෙන ඇති බවද ඇය ළමා පරිවාස නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ අත් දිග හැට්‌ටයක්‌ අන්දවා තිබූ නිසා එය අධිකරණයට නොපෙනුණ බවද ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට පැවැසීය.

ළමයින්ගේ ආගම ඇදහීමේ අයිතිය අහිමි කිරීම, ළමයින්ගේ අනාරක්‍ෂිත තත්ත්වය සත්ව ගොවිපලක්‌ පවත්වාගෙන යැම තුළින් ළමයින්ගේ සෞඛ්‍ය අනාරක්‍ෂිත තත්ත්වයක පැවැතීම පිළිබඳ කරුණු රැසක්‌ ළමා ආරක්‍ෂක අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළහ.

මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ තිස්‌සමහාරාම මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු සංජීව රම්‍ය කුමාර මහතා මෙම සිදුවීම් ළමා පරිවාස නිලධාරීන් දැන සිටියේ ද යන්න කරුණු විමසීමට මෙම 29 දින දකුණු පළාත් පරිවාස හා ළමාරක්‍ෂක සේවා කොමසාරිස්‌වරියට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළහ.

මීට අමතරව ළමා නිවාසයේ ඇති ළමයින්ට අයත් සියලු පාසල් පොත්පත් ළමා ආරක්‍ෂණ අධිකාරියට බාරදෙන ලෙසද අධිකරණය නියෝග කළේය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ඩබ්ලිව්. ඩබ්ලිව්. බෝපිටිය, පො.සැ. (24268) එමිල් සිල්වා ඇතුළු ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් මේ පිළිබඳ කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

http://www.divaina.com/2013/04/23/news27.html

Advertisements
This entry was posted in කතෝලික පාස්ටර්ලා අතින් දූෂණය වීම, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )