ලංකාවේ පිට ආගමික ගණිකාවට අනියමින් පිහිට වන අපේ ඉස්ලාම් බුර්කාව

මුලු සමාජෙම එකතුවෙලා ලංකාවේ මේ ඉස්ලාම් බුර්කා නාඩගම තහනම් කිරීමට සුදුසු තවත් හොඳ හේතුවක් තමයි මේ අපි පෙන්වල දෙන්නෙ.



අමුම සටකපට කොළඹ හිඟන ගැට

ඇතැම් මිනිස්‌සු ‘සල්ලි’ හොයන්නට නොකරන පාදඩ වැඩක්‌ නැත. හොරකම් කරති. මංකොල්ල කති. කුලියට මිනී මරති. දරුමල්ලන් විකුණති. මත්ද්‍රව්‍ය, මත්වතුර විකුණති. කාන්තාවන් තම හෙළුව ලංසු තබති. තරාතිරමක්‌ නොමැතිව පොඩි එකාගේ සිට ලොකු එකා දක්‌වා නොයෙක්‌ සමාජ විරෝධී ක්‍රියා එළිපිටම කරගෙන යන්නේ යහමින් ‘සල්ලි’ සොයන්නටය. රජ සැප බුදින්නටය. නැති නම් පරම්පරාවෙන්ම හොරකම උරුමයක්‌ ලෙස ගෙන එන නිසාය. අප මේ පෙළ ගස්‌වන්නට යන්නේ ද එවැනි පාදඩ වංචනිකයන් පිරිසක්‌ විසින් කරගෙන යන තවත් තුච්ච හොරකමක්‌ ගැනය. එනම් පිටකොටුව චෞර යාචකයන් පිළිබඳ හෙළිදරව්වකි.

හොර යාචකයන් සිටින්නේ පිටකොටුවේ පමණක්‌දැයි යමෙකුට සිතෙන්නට පුළුවනි. සැබෑය. මෙරට සතර දිග්බාගයේම නගරවල සිඟමන් යදින යාචකයන් මෙන්ම, සරණක්‌ පතාගෙන එන බොහෝමයක්‌ මිනිස්‌සු තම බඩ වඩාගැනීම සඳහා ‘අත පෑම’ ව්‍යාපාරයක්‌ කරගෙන සිටිනබව නොරහසකි.

පසුගිය දිනවල දුම්රියන් තුළ සිඟමන් යදිමින් සිටි යාචකයන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඒ යාචකයන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කර බැලීමේදී ඒ ගිණුම්වල රුපියල් ලක්‍ෂ ගණන් තැන්පතු තිබූ බව වාර්තා විය. එසේ නම් ඇතැමුන් සිඟමන් යෑදීම ව්‍යාපාරයක්‌ කරගෙන සිටින බවට තවත් අටුවා ටිකා අවැසි නැත. එහෙත් මේ චෞර යාචකයන් අතර කිසිවක්‌ කර කියාගැනීමට නොහැකිව සැබෑවටම අසරණයන් බවට පත් වුණු මිනිසුන් ද වේ. ඒ මිනිසුන්ට අන් අයගේ පිහිටක්‌ ඇරෙන්නට වෙන යම් මඟක්‌ නැත. එහෙයින් අපගේ මේ හෙළිදරව්වෙන් ඒ අසරණ මිනිසුන්ට අගතියක්‌ වේ නම් අපි ප්‍රථමයෙන් ඔවුන්ගේ සමාව අයෑද සිටිමු. දැන් අපි පිටකොටුව හොර යාචකයන්ගේ සැබෑ යථාර්ථය සමාජයට හෙළිදරව් කරමු.

සිද්ධිය මෙසේය.

පසුගිය දිනක සැඳෑ කළුවර කොළඹ වසා ගනිමින් තිබෙන මොහොතක අපි ගම්බිම් බලා යන බස්‌ රථයක අසුනකට බරදී සිටියෙමු. අවට අඳුර ගලා ගියද බැස්‌ටියන් මාවත ප්‍රභාවත්ය. ඒ බැස්‌ටින් මාවතේ තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කර ඇති හෙයිනි. අපගේ දෙනෙත් බැස්‌ටියන් මාවතේ කෙළවරින් ගලා බසින බේරේ වැව් ඉහැත්තෑවට දිව ගොස්‌ තිබිණි. අනවසර ගොඩනැඟිලිවලින් වහංව තිබුණු පරිසරය දැන් මනාවට නෙත ගැටේ. එහෙත් අඳුර අපට සැඳෑ සිරි නරඹන්නට ඉඩ නොදෙන සේය. සෙමෙන් සෙමෙන් කොළොම් තොට අඳුරින් වැසී ගියේය.

“අනේ… නෝනා මහත්තයෝ මා දිහා බලන්න… මම කාලයක්‌ හොඳ රස්‌සාවක්‌ කරලා හොඳට හිටිය කෙනෙක්‌. මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මගේ ගම ගාල්ලෙ. දවසක්‌ මම කොස්‌ ගෙඩියක්‌ කඩන්න ගහකට නැඟලා මාව ඒ ගහෙන් බිමට වැටුණා. එදා තමයි මගේ ජීවිතේට කරුමෙ පලිසන් දෙන්න පටන් ගත්තෙ. ඒ අනතුරින් මගේ එක්‌ පාදයක්‌ සහ අතක්‌ පණ නැතිව ගියා. දැන් මට මොනවත් කර ගන්න විදිහක්‌ නැහැ. ඔබලා දෙන පුංචි ආධාරයෙන් තමයි මගේ පවුල ජීවත් වෙන්නෙ, දරුවන් දෙන්නා ඉගෙනගන්නෙ. අනේ… අපි ගැන අනුකම්පා කරලා මට කීයක්‌ හරි දෙන්න මහත්තයෝ… පින්සිද්ධ වෙයි”

කෙසඟ සිරුරකින් හෙබි තරුණයෙක්‌ බස්‌ රථයේ ඉදිරි පස අසුන අසල වැටී එසේ දුක්‌ගැනවිල්ලක්‌ ඉදිරිපත් කළේය. අසුන් දෙක තුනක්‌ හැරෙන්නට මගීන්ගෙන් පිරී තිබුණු බස්‌ රථයේ සියලුම මගීහු දැන් ඒ දුක්‌ගැනවිල්ලට සවන් දී සිටියහ. කතාව කියන ඔහුගේ දැස්‌ අග කඳුළු කැට නළියයි. ගලක්‌ නොවුණු සිතක්‌ හැර ඒ කඳුළු කතාවට උණුවන සිතක්‌ නම් නැති ගානය. ඒ තරමටම කතාව සංවේදීය. දැන් ඔහු සෙමෙන් සෙමෙන් බස්‌ රථයේ ඉදිරි පස සිට පසු පසට ඇදෙමින් සිටියි. බොහෝ මගීන් පිං සලකා දෙන රුපියල් දහය විස්‌ස සහ පනැහෙ කොළ ඔහුගේ පණැති අතේ ගුලි වේ.

“සර්… මූට සල්ලි දෙන්න එපා… මූට ඇති අපස්‌මාරයක්‌ නැහැ. මූ කරන්නෙ බොරු. හොඳට ඇවිඳින්න පුළුවන්. මූ මේ විදිහට හිඟා කලා කරන්නෙ කුඩු උරන එකයි”

ඇපල් කූඩයක්‌ ඇතැති ඒ ජංගම වෙළෙන්දාගේ ගෝරනාඩුවෙන් බස්‌ රථයේ සිටි මගීහු විශ්මයෙන් මෙන් ජංගම වෙළෙන්දා සහ යාචකයා දෙස මාරුවෙන් මාරුවට බැලීය. මෙතෙක්‌ වෙලා අනුකම්පාවෙන් තෙත් වී තිබුණු ඇතැම් මුහුණු කෝපයෙන් පුපුරා යනවා මම දුටිමි. චතුර ලෙස බස්‌ රථය පුරා පිළිරැව් දුන් යාචක තරුණයාගේ හඬ දැන් තුරල් වී ගොස්‌ය. ගෙවී ගියේ විනාඩි පහකටත් අඩු කාලයකි. සිඟන්නාගේ පණැති දෙපාවලට ජීවය ලැබිණි. පණ නැති අතට වාරු ගෙන බස්‌ රථය තුළ නැගී සිටි ඔහු, ක්‍ෂණයෙන් බස්‌ රථයෙන් පැන කුළු හරකෙකු සේ දුවන්නට විය.

බස්‌ රථය තුළ නිහැඬියාවකි. සිදු වූයේ කුමක්‌දැයි කියා සිතා ගැනීමට නොහැකි මගීහු තවමත් විශ්මයට පත්ව ‘ගල්’ වී සිටියහ.

“දැක්‌කද මහත්තයෝ මම කිව්වේ බොරුද? මහත්තෙලා ඇත්තටම උගේ කතාවට අහුවෙලා නේ හිටියේ. සර්.. මිනිහා හොඳ වැඩ්ඩා. මිනිහගෙ කකුල් අතපය ඕන විදිහට නවන්න කරන්න පුළුවන්. ඒ දක්‍ෂතාව හොඳින්ම එයාට තියෙනවා. ඒත් ඒ දක්‍ෂතාව හොඳ දේකට යොදවලා නැහැ”

“මේ මිනිහා කොටුවට බහින්නෙම අඳුර වැටෙන වේලාවට. එතකොට මිනිස්‌සුන්ට බස්‌ එකට නගිනවා බහිනවා හරියට පේන්නෙ නැහැනේ. සමහර වේලාවට දුවලා ඇවිත් බස්‌ එකට එල්ලෙනවා. බස්‌ එකේ ෆුඩ් බෝඩ් එකට වැටෙන්නෙම කකුල දණහිස ගාවින් නවාගෙන. එක අතක්‌ අනිත් පැත්තට කරකවාගෙන. ඕනැම කෙනෙක්‌ හිතන්නෙ ඇත්තටම අබ්බගාතයෙක්‌ කියල තමයි”

හිඟමන් ඉල්ලාගෙන එන උන්ට රැවටෙන්න එපා මහත්තයෝ. දැන් සමහර හොරු හිඟාකෑම ව්‍යාපාරයක්‌ කරගෙනයි තියෙන්නෙ. නැති බැරිකමට හිඟා කන අය මේ පිටකොටුවේ නැහැ මහත්තයෝ. එහෙම අයට මේ කොටුවේ වසන්න දෙන්නෙත් නැහැ. හිඟාකෑම දැන් එහෙම්පිටින්ම හොර මගඩියක්‌”

සැබැවින්ම ඒ ඇපල්a විකුණන තරුණයා නොඑන්නට බස්‌ රථය තුළ සිටි මගීහු බොහෝමයක්‌ දෙනා ඒ සිඟන්නාගේ රඟපෑමට රැවටෙනවා නොඅනුමානය. ඒ චෞර යාචක තරුණයා සැබැවින්ම විදී නළුවෙකි. ඔහුගේ රඟපෑම අති විශිෂ්ටය. කරුමය වී ඇත්තේ ඔහුගේ සහජ දක්‍ෂතාවන් යහපත දේකට යොමු කර නොතිබීමය.

බස්‌ රථය ගමන් ආරම්භ කිරීමට සූදානම්ය. එහෙත් පිටකොටුවේ හොර යාචකයන් ගැන මේ ජංගම වෙළෙන්දාගෙන් අසා දැන ගැනීමට බොහෝ දේ ඉතිරිව ඇත. මම ක්‍ෂණයෙන් ක්‍රියාත්මක විය.

මට ඔයත් එක්‌ක තව කතා කරන්න ඕන. හෙට කීයටද මට ඔයාව හමුවෙන්න පුළුවන්…?

මම ඔහුගෙන් එසේ විමසුවෙමි.

“හරි මහත්තයා උදේ දහය වෙනකොට මෙතැනට එන්න. මම තවත් කිහිපදෙනෙක්‌ එකතු කරගෙනම ඉන්නම්”

මගේ අදහසට ඔහුගෙන් සාර්ථක පිළිතුරකි. බස්‌ රථය ඉදිරියට ගමන් කරයි. පසුවදා උදෑසන හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔහුට සමු දුන්නෙමි.

දැන් දැන් යාචකයන් සම්බන්ධයෙන් නැගෙන රස කතාවලින් බස්‌ රථය එකම කසු කුසුවකි. ව්‍යාජ ලෙස සකස්‌ කරගන්නා වෛද්‍ය සහතික පෙන්වමින් ලෙඩ දුක්‌ මවාපාමින් බස්‌ රථ තුළදී මගීහු මුලා කරන හොරුන් ගැන මෙන්ම, ‘බික්‌ මැච්’ පෙරට දමා ජාතික කොඩි විකුණා අරක්‌කු බෝතල් හිස්‌ කරන තරුණ ගැටයන් ගැන ද විවිධ විවේචන පෙළ ගැසෙන්නට විය.

අලුත් දවසක්‌ උදා විය. පෙරදා අප කථිsකා කර ගත් අයුරින්ම පිටකොටුවේ විවිධ රැඟුම් නටන යාචකයන්ගේ වග තුග සෙවීමට අපි පිටකොටුව බැස්‌ටියන් මාවතේ ජංගම වෙළෙඳුන් හමුවීමට ගියෙමු. අප බැස්‌ටියන් මාවතට යන විටත් ජංගම වෙළෙඳුන් කිහිප දෙනෙක්‌ම අපව බලාපොරොත්තුවෙන් එක්‌රොක්‌ව සිටියහ. අප ඔවුන් හමුවට යැමත් සමග පිටකොටුවේ චෞර යාචකයන්ගේ ‘සටකපට’ වැඩ ඔවුන්ගේ මුවින් ගිලිහෙන්නට විය. දැන් ඒ රසබර කතා අපි මෙසේ පෙළගස්‌වන්නෙමු.

“මේ හිඟන හැත්ත නිසා තමයි මහත්තයෝ කවදහරි අපේ බඩටත් පහර වදින්නේ. නානාප්‍රකාර උන් බස්‌වලට නැගලා ආධාර එකතු කරනවා. තනිකරම බොරුව ගෙනියන්නේ. සර් දැක්‌කනෙ ඊයේ හවස වෙච්ච සංගදිය”

“උදේ ඉඳන් හවස්‌ වෙනකම් බස්‌වල චාටර් වුණත් අපිට බැහැ දවසකට රුපියල් පන්දහක්‌ හයදාහක්‌ හොයා ගන්න. ඒත් මේ පිටකොටුවේ හිඟා කන මිනිස්‌සු ඒ ගාන වරුවට හොයනවා”

“හිඟන්නන්ට වැඩි ආදායමක්‌ තියෙන්නෙ සිකුරාදා දවස්‌වලට මහත්තයෝ. සිකුරාදා දවසට හිඟමන් ඉල්ලාගෙන මුස්‌ලිම් කඩයකට තමන්ගෙ එකෙක් ගියොත් ඒ ව්‍යාපාරිකයන් කීයක්‌ හරි පිනට දෙනවා. මොකද එදාට තමයි මුස්‌ලිම් මිනිස්‌සු වැඩියෙන්ම පින් කරන දවස” – ඒක උන්ගේ ඉස්ලාම් ස්වර්ගේ ගෑණු තොග ගනන් ගන්න හිතාගෙන කරන පින්කමක්

“ඒකනෙ අර සිංහල ගෑනි දැන් මුස්‌ලිම් විදිහට පර්දාව දාගෙන සිකුරාදාට මුස්‌ලිම් කඩවලට රිංගන්නේ”

අප අසල සිටි එක්‌ තරුණයකු අපේ කතාවට අලුත් චරිතයක්‌ ඉදිරිපත් කරන්නට විය.

මොකක්‌ද ඒ කතාව….?

ඒ චරිතය කරළියට ගෙන ඒමට ඉසුමක්‌ නැති මගේ සිත එසේ ප්‍රශ්න කරන්නට විය.

“එයා සිංහල ගෑනු කෙනෙක්‌. පහුගිය දවස්‌වල බස්‌වලට නැඟලා එයාගේ දුක කියලා හිඟා කෑවා. ටිකක්‌ ලස්‌සන මේ ගෑනු කෙනා දිහා බැලූ බැල්මට කිසිදු ආබාධයක්‌ නැහැ. අපි මෙයා ගැන හොයලා බැලුවා. බලන කොට මේ අහල පහල වත්තක ගෑනියක්‌. හොඳටම කුඩුවලටත් ඇබ්බැහි වෙලාලු. අපි සියලු විස්‌තර පොලිසියට කියලා ගෑණිව පොලිසියට මාට්‌ටු කරලා දුන්නා. පොලිස්‌ රාළහාමිලා මේ ගෑනු කෙනාට අවවාද කරලා ආයිත් මේ පැත්ත පළාතක හිටියොත් බලාගෙනයි කියලා යෑව්වා. ඊට ටික දවසකට පස්‌සෙ මෙන්න මේ ගෑනි පර්දාවක්‌ දාගෙන සිකුරාදා දවස්‌වලට මුස්‌ලිම් කඩවලට රිංගනවා. යන්තමට ඇස්‌ දෙක විතරක්‌ පේන්න තියාගෙන අනිත් සේරම වහගෙන. ඉතිං කොහොමද ඒ ගෑනිව අඳුර ගන්නෙ. අදටත් සිකුරාදා දවස්‌වලට ඒ ගැහැනු කෙනා කිසිම කරදරයක්‌ නැතිව හොඳ ගතමනාවක්‌ හොයා ගන්නවා. මේ ගෑනු කෙනා රෑට රෑට පිටකොටුවේ සල්ලිවලට විකිණෙනවත් අපි දැකලා තියෙනවා”

“කාලෙන් කාලෙට මේ කොටුවට අමුතු අමුතු චරිත බහිනවා මහත්තයෝ. මෑතක තවත් අලුත්ම චරිත තුනක්‌ බැහැලා ඉඳලා අපි ඒ අයවත් පොලිසියට කොටු කරලා දුන්නා”

කතාවට සුළු හෝ විරාමයක්‌ නොමැති සේය. කෙනෙකුගේ හඬ හීන් වී යත්ම තව කෙනෙකුගේ හඬ සුසර වේ. පිටුකොටුවේ යාචක රඟමඩලට අලුතෙන්ම පැමිණ ඇති චරිත තුන දැන් අපි මෙසේ කරළියට ගෙන එමු.

ඔවුන් තිදෙනා දමිළ ජාතිකයන්ය. බැලූ බැල්මට අවුරුදු හැට පහක්‌ හැත්තෑවක්‌ වයසැති මිනිසෙකි. ඔහුගේ දුව යෑයි කියාගන්නා අවුරුදු විසිපහක්‌ පමණ වයසැති කාන්තාවකි. ඒ කාන්තාවගේ දුව යෑයි කියන තවත් පුංචි දැරිවියකි. ඒ මවගේ දෑතේ රැඳී ඇත්තේ ‘සිවුරක්‌’ සහිත බන්දේසියකි.

“අපි මේ සිවුර අනුරාධපුරේ ශ්‍රීමහ බෝධියට පූජා කරන්නයි යන්නේ. ඔයාලත් මේකට පඬුරක්‌ එකතු කරන්න කැමති නම් කීයක්‌ හරි දාන්න”

එහෙම කිය කිය බැස්‌ටියන් මාවතේ හැම කඩයක්‌ ගානෙම ගිහින් මේ මිනිස්‌සු පඬුරු එකතු කළා. පිටකොටුවේ වෙළෙ¹ම් කරන බොහෝ දෙනා බෞද්ධ අය. ඉතිං ඒ ව්‍යාපාරිකයන් හැමෝම වගේ රුපියල් දහයකට වැඩි ගාණක්‌ ඒ බන්දේසියට දාලා තිබුණා. බන්දේසිය පිරෙන්න සල්ලිත් ලැබිලා තිබුණා. ඒ වයසක මනුෂ්‍යයාට කෙලින් ඉන්න බැරි විදිහට බීලා ඉන්නේ. ඒත් මිනිස්‌සු ඒ ගැන හිතන්නෙවත් නැහැ. අපිට මේ අය ගැන පොඩි සැකයක්‌ ඇති වුණා. ඕන දෙයක්‌ විකුණගෙන කන්න දෙන්න පුළුවන්. ඒත් මහත්තයෝ අපේ බෞද්ධ ආගම ප්‍රසිද්ධියේ විකුණගෙන කන්න දෙන්න බැහැනේ. අපි මේ අය යන එන තැන් හොඳට ඇහැ ගහගෙන හිටියා. ඇත්තටම පඬුරු එකතු කරන අය නම් පඬුරු ටික එකතු කරගෙන යන්න යනවා නේ. ඒත් මේ මිනිස්‌සු දවස්‌ දෙක තුනක්‌ කොළඹ වීදියෙන් වීදියට ගියා. අපි ඒ මිනිස්‌සු ගැනත් පොලිසියට කිව්වා. කොටුව පොලිසිය ඒ වේලාවෙම ක්‍රියාත්මක වෙලා ඒ තුන් දෙනාව කොටුව පොලිස්‌ ස්‌ථානයට ගෙනත් ප්‍රශ්න කළා. අපේ සැකය හරි. උන් තුන් දෙනත් කරලා තියෙන්නෙ අමුම අමු බොරුවක්‌. ඒ අයටත් පොලිසිය අවවාද කරලා යෑව්වා. ඊට එහාට පොලිසියෙන් ඔවුන්ට දඬුවමක්‌ දුන්නේ නැහැ”

“තව අමුතුම චරිතයක්‌ ඉන්නවා. එයත් නියම ‘ඇක්‌ටර් කෙනෙක්‌’ හොඳට පිරිසිදුව හැඳ පැළඳගෙන හවස්‌ කාලයට තමයි එයත් µSල්ඩ් එකට බහින්නේ. එයා කෙලින්ම සීන් එකට එන්නෙ නැහැ. මුලින්ම ඈතින් ඉඳලා පහසුවෙන්ම දැලේ දාගන්න පුළුවන් කෙනෙක්‌ව ටාගට්‌ කරනවා. පස්‌සෙ වට පිට බලලා ‘සෑඩ්’ මූණ දාගෙන ‘ටාගට්‌’ කෙනා ළඟට ඇවිත් කියනවා ‘අනේ බලන්න මට වුණු දේ. මම පොළොන්නරුවේ ඉඳලා ආවේ. අපේ තාත්තා කොළඹ මහ ඉස්‌පිරිතාලේ. එයාව බලන්න තමයි මම ආවේ. ඒ එනකොට බස්‌ එකේදී මගේ පර්ස්‌ එක නැති වුණා. දැන් මට ගෙදර යන්න විදිහක්‌ නැහැ. මට පිනට සල්ලි එපා. මේ කරාඹු ජෝඩුව තියාගෙන මට රුපියල් 700 ක්‌ දෙන්න’

“ලෙන්සුවක ඔතාගෙන අතේ ගුලි කරගෙන ඉන්න කරාඹු ජෝඩුව යන්තටම පෙන්වනවා. සමහර මිනිස්‌සු ඒක දිහා බලලා මට ඕවා ඕනෑ නැහැ මෙන්න මේ රුපියල් 100 තියා ගන්න කියලා දීලා යනවා. ඔය ඉල්ලන පළියට දෙන්න අපි ළඟ සල්ලි කොහෙන්ද කියලා පස්‌ස ගහන අයත් ඉන්නවා. එහෙම වෙලාවට ඒ මිනිස්‌සුන්ට යන්න දීලා අර ගෑනි පට්‌ට කුණුහරුපයෙන් බනිනවා. කොහොම කොහොම හරි ගෑනි දවසකට කීප දෙනෙක්‌වම දැලට නම් දාගන්නවාම තමයි”

“මේ කොළඹ සිද්ධ වෙන ඔය වගේ දේවල් ගැන එක දිගට මාසයක්‌ වුණත් කතා කරන්න පුළුවන් මහත්තයෝ. පිටකොටුව කියන්නේ ‘හොර ගුහාවක්‌’ කවුරුහරි නොදන්න කෙනෙක්‌ ඇවිත් අතරමං වෙලා නියම සුද්දෝදන කෙනෙකුට මාට්‌ටු වුණොත් එහෙම ආයිත් ඒ මනුෂ්‍යයට ගමට යන්න වෙන්නේ ඇඳන් ආපු වස්‌ත්‍රයවත් නැතුවයි”

ඒ කතා කළේ අපි නොවේ. ජංගම වෙළෙඳාම ජීවිතය කරගෙන පිටකොටුව නවාතැන්පළක්‌ කරගෙන සිටින තරුණයන් පිරිසකි. සැබැවින්ම ඔවුන්ගේ කතාවෙන් සමාජයට ගතයුතු බොහෝ දේ ඇත.

පිටකොටුව යනු මෙරට අග නගරයයි. එමෙන්ම දෛනිකව බොහෝ මිනිසුන් ගැවසෙන නගරයයි. එවැනි තැනක්‌ හොර ‘ගුහාවක්‌’ වන තුරු මෙරට ආරක්‍ෂක අංශ සිටියේ මර නින්දේද යන්න ගැටලුවකි. අපට ඔබට කියන්නට ඉතිරිව ඇත්තේ පිටකොටුවේ පමණක්‌ නොව කොතනකදී හෝ ඔබගේ දෙපා මුලට පිළිසරණක්‌ පතාගෙන එන යාචකයන් ගැන මීට වඩා අවධානයෙන් සිටින්නැයි කියා පමණි.

තරංග රත්නවීර

http://www.divaina.com/2013/03/03/feature04.html

This entry was posted in බුර්කා නම් සිපිරිගෙය, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )