බඩගින්දර නිසා ඉස්ලාම් අමතක වූ අපේ ගණිකා සොයුරිය

 


ගැබිනියක්‌ ඇතුළු හත්දෙනෙක්‌
මරදානේ ගණිකා නිවසකින් කොටුවෙති

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සචිත්‍ර ඇල්වලගේ

මරදාන, ටෙක්‌නිකල් හන්දියේ ලැගුම් හලක (ලොඡ්) පවත්වාගෙන ගිය ගණිකා නිවසක්‌ පෙරේදා (10 වැනිදා) සවස වැටලූ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය, එහි කළමනාකරු සහ ගණිකා වෘත්තියේ නියෑළුණු බව කියන ගැබිනි කාන්තාවක ඇතුළු කාන්තාවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත එම වැටලීම සිදුකළ බව එම ඒකකය කියයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් අතරේ ද්‍රවිඩ කාන්තාවන් තිදෙනකුද සිංහල කාන්තාවන් තිදෙනකුද, මුස්‌ලිම් කාන්තාවක්‌ද වන බව එම ඒකකය කියයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් ගම්පහ, කළුතර, මහනුවර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන්නියන්ය.

පිටකොටුව බස්‌ නැවතුම්පළේ රාත්‍රි කාලයේ දුර ගමන් යාමට හිඳින මගීන් රවටා මෙම ළැගුම් හල වෙත කැඳවාගෙන විත් මෙම කතුන් ඔවුන්ගේ මුදල් පසුම්බි කොල්ලකා ඇතැයි හෙළිවූ බවද එම ඒකකය පවසයි.

අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දුමින්ද බුද්ධික බාලසූරිය මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සිදුකර ඇත.

http://www.divaina.com/2013/02/12/news25.html

This entry was posted in දිවි රැක ගැනීමට ගණිකා වෘත්තිය, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම. Bookmark the permalink.

2 Responses to බඩගින්දර නිසා ඉස්ලාම් අමතක වූ අපේ ගණිකා සොයුරිය

  1. muditha herath පවසයි:

    මුස්ලිම් ආගමික නීති රීති වල බලපෑමත් නොතකා මෙසේ සත්‍යය හෙලි දරව් කරන්නට තරම් නිර්භීත වීම ගැන අපි ඔබට ගරැ කරනවා. දිගටම ලියන්න. ඔබේ ධෛර්යය අපි අගය කරනවා.

    කැමතියි

  2. naleendilruksha පවසයි:

    මේ පුවත් අඩවිය මගේ නෙත ගැටුණේ අදයි… එන්නම් දිගටම
    මම සමකය වටේ ලියන නලීන්

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )