තම දිවි පුදා ෂාරියා බොකු බඩවැල් ලොවට පෑ රිසානා

රිසානාගේ ගෙල සිඳ දැමූ ශරියා නීතිය

ශරියා යනු “යායුතු මාර්ගය” හෝ “ජලය වෙත යන අරුත්” ගෙන දෙන වදනකි. ජලය වෙත යැම යනුවෙන් පැවසෙන්නේ අප ජීවත් වන්නේ ජීවිත කාන්තාරයකය යන අරුත දැනවීමය. තවත් අතකින් මෙය “ධර්මානුකූල නීතිය” යනුවෙන්ද හඳුන්වා දී තිබේ. අරාබි විද්වතුන් පවසන පරිදි මෙය නීතියක්‌ හෝ රීතියක්‌ නොවේ. එය මුස්‌ලිම්වරුන්ගේ වගකීම් පිළිබඳව කථනයක්‌ ලෙස ද හැඳින්වේ.

පුළුල් ලෙස බැලූ විට ශරියා දෙකොටසකට බෙදේ. එය කුරානය සහ සුනා (Sමබබ්ය) වේ. කුරානය යනු වෙනස්‌ කළ නොහැකි දෙවියන්ගේ වචනයයි. සුනා යනු මහම්මත් තුමාගේ ජීවිතය සහ එහි උදාහරණයි. කොටින්ම මෙය දෙවියන්ගේ නීතිය ලෙස හැඳින්වේ. සාමාන්‍ය නීතියේ සඳහන් වන අපරාධ, දේශපාලන, ආර්ථිකමය ක්‍රියාදාමයන් මෙන්ම ලිංගික කටයුතු, සනීපාරක්‍ෂාව ආහාර ගැනීම, ආහාර නොගෙන සිටීම සහ වන්දනා මාන කිරීම පිළිබඳව ශරියා නීතියට ඇතුළත් වේ.

විසි එක්‌වන ශත වර්ෂයේ තුර්කිය, කසකස්‌ථාන්, මාලි ආදී රාජ්‍යයන් තම රටේ නීතිය ලෙස ශරියා නීතිය පිළිගන්නේ නැත. නයිජීරියාවේ මුස්‌ලිම් ප්‍රජාව පාලනය වන්නේ එහි බලපැවැත්වෙන ඉංග්‍රීසි නීතියට අනුවය. මැලේසියාවද එයට සමානය. පාකිස්‌ථානය, ඉන්දුනීසියාව, ඇµaගනිස්‌ථානය, ඊජිප්තුව, සුඩානය වැනි රටවල ශරියා නීතිය පිළිබඳව දැඩි උනන්දුවක්‌ ඇතත් එය එහි පවතින ව්‍යවස්‌ථාව හෝ නීති සංග්‍රහයන් අභිබවා යන්නේ නැත. එහෙත් ප්‍රාදේශීය ආගමික නායකයන් සමහරක්‌ ශරියා නීතිය කෙරෙහි විශ්වාසය තබන බව පෙනේ. නමුත් සෞදි අරාබියාව සහ අනෙකුත් අරාබි ජාතිකයන් හට ව්‍යවස්‌ථාවක්‌ හෝ දණ්‌ඩ නීති සංග්‍රහයක්‌ නැත. එම රටවල නායකයන්ට නීති පැනවීමේ හෝ වෙනස්‌ කිරීමේ හැකියාවද නැත. ඔවුහු මුළුමණින්ම පාහේ ශරියා නීතියට ගැතිවන්නෝ වෙති.

ඉරානයේ පාර්ලිමේන්තුවෙන් පැනවූ නීතිය එහෙම පිටින්ම ශරියා නීතියේ කැඩපතක්‌ වෙයි. ශරියා නීතිය ක්‍රියාත්මක වන උසාවියෙහි පැමිණිලිකරු සහ විත්තිකරු ඔවුන්ගේ නඩුව ඉදිරිපත් කරති. එහි ජූරියක්‌ නැත. හරස්‌ ප්‍රශ්න නැත. පූර්වාදර්ශ පාවිච්චියක්‌ද නැත.

ශරියා නීතියේ අපරාධ නීතිය පිළිබඳව අංශ හතරක්‌ ඇත. මිනීමැරුම එක්‌ අංශයකි. එහිදී අගතියට පත් පාර්ශවයේ තීරණ අනුව විත්තිකරුට මරණය හෝ වසර විස්‌සක සිර දඬුවමකට යටත් කළ හැකිය. අතපය කැපීමකදී නම් වන්දි ලබා ගැනීම කළ හැකිය. තවද අනියම් මිනී මැරීම වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට මුදල් ලබා ගෙන විත්තිකරු කෙටි සිර දඬුවමකට යටත් කළ හැකිය. සිතාමතා කළ මිනිමැරුමක්‌ නම් “ඇහැට ඇහැක්‌” යන න්‍යාය මත කටයුතු කෙරේ.

කෙසේ වෙතත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් විත්තිකරුට සමාව දෙන මෙන් ඉල්ලීමට විනිශ්චයකාරතුමාට හැකිය. තවද දඬුවම ක්‍රියාත්මක කිරීම පවුලේ අයකුටද කළ හැක. එසේම ශරියා නිතීය පිරිමි සහ ගැහැනුන්ට එකසේ යෙදෙන්නේ නැත. ගැහැනියට පිරිමියාට තරම් අයිතිවාසිකම් නැත. විශේෂයෙන්ම පවුල් සහ දේපළ උරුම නඩුවලදී ගැහැනිය පහළ තැනක සිටින්නීය. එසේ වුවද වයස 18 න් අඩු පුද්ගලයකුට ශරියා නීතිය බලපාන්නේ නැති බවද කියති.

– නීතිඥ අනුර හෑගොඩ

http://www.divaina.com/2013/01/13/news06.html


රිසානා මරණ බව ශ්‍රී ලංකාවට දන්වා නෑ

කීර්ති වර්ණකුලසූරිය

රිසානා නµSක්‌ නමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට මරණ දඬුවම පමුණුවන බව සෞදි රජය විසින් සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති අහමද් ජවාඩ්ට හෝ ශ්‍රී ලංකා රජයට දැනුම් දී නොතිබූ බව අනාවරණය වේ.

ඇයට මරණ දඬුවම පැමිණවීමට පෙර මියගිය දරුවාගේ පියා වූ නසීප් ජිස්‌යාන් නමැත්තාව මහජන හිමිකම් පිළිබඳ කාර්යාංශයට ගෙන්වා රිසානාට සමාව දෙන්නේද යන්න විමසා ඇත.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ ජිස්‌යාන් නමැත්තා තම බිරිය රිසානාට සමාවදීම ප්‍රතික්‌ෂේප කළ බව පවසා තිබේ.

මෙම ප්‍රකාශයෙන් පැය 24 කට පසු සෞදි බලධාරීන් රිසානාට රහසිගත ලෙස මරණ දඬුවම පමුණුවා ඇත.

ඇයට මරණ දඬුවම පැමිණවීමෙන් පසුත් ඒ බව ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා රජය කළ විමර්ශනයකින් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් තානාපති අහමද් ජාවඩ් ශ්‍රී ලංකා රජය වෙත පවසා ඇත්තේ රිසානාට මරණ දඬුවම පැමිණවූ සෞදි රජය එය ඔවුන්ගේ වෙබ් අඩවියක පළකර තිබූ බවයි.

මේ අතර තම දියණියගේ සිරුර ලබාදෙන ලෙස රිසානාගේ මව්පියන් කළ ඉල්ලීමද සෞදි බලධාරීන් ප්‍රතික්‌ෂේප කර ඇත. සෞදි නීතිය අනුව මරණ දඬුවමට පැමිණවූ අයකුගේ සිරුර විගස මිහිදන් කරන අතර එය ඥාතීන්ට භාර නොදේ.

http://www.divaina.com/2013/01/13/news08.html


රිසානාගේ නඩුවේ සාක්‍ෂිකරුවන්ගෙන්
හරස්‌ ප්‍රශ්න ඇසීමටවත් ඉඩදී නෑ

කීර්ති වර්ණකුලසූරිය

රිසානා නµsක්‌ නමැති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට එරෙහිව සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට හෝ අලුතින් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට සෞදි මහාධිකරණය ඉඩදී නැතැයි ශ්‍රී ලංකා රජයට දැන් හෙළිවී ඇත.

මෙයට අදාළ නඩු විභාගය නැවත පවත්වන ලෙසද ඉල්ලා සිටියත් මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළ අධිකරණයෙන් සිය තීන්දුව ගැන සලකා බලන ලෙසද ඉල්ලා තිබේ. එහිදී මරණ දඬුවම දුන් අධිකරණය සිය තීන්දුව යළිත් වරක්‌ අනුමත කර ඇත.

http://www.divaina.com/2013/01/16/news12.html


රිසානාගේ නඩුව හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක්‌

කීර්ති වර්ණකුලසූරිය

සෞදි අරාබියානු මහාධිකරණය රිසානා නෆීක්‌ ඉදිරිපත් කළ අභියාචනය විභාග නොකර එය මරණ දඬුවම නියම කළ පහල උසාවිය වෙත යොමුකර තිබූ බව ශ්‍රී ලංකා රජය වෙත හෙළිවී ඇත.

රිසානා වෙනුවෙන් පෙනී සිටි අල් ෂම්මාර් නමැති නීතිවේදියාට හරස්‌ ප්‍රශ්න ඇසීමට පවා අධිකරණය විසින් ඉඩදී නැත.
දවාද්ම් පොලිසියේදී රිසානාට පහර දී පාපොච්චාරණය ලබාගෙන ඇති අතර ඊට අදාළ පැමිණිලි පවා අධිකරණ පිළිගෙන නැතැයි අල් ෂම්මාරි විසින් හෙළිකර ඇත.

එසේම කිරි සිරවීම නිසා මියගිය ළදරුවා සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ද අධිකරණය වෙත යොමු කර නැත.

රියාද් නුවරින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මරණ දඬුවම තීන්දුකළ අධිකරණය විසින්ම රිසානාගේ අභියාචනයද විභාග කර ඇති බව අනාවරණය වී ඇත.

http://www.divaina.com/2013/01/17/news03.html

This entry was posted in අපරාධකාරී ෂාරියා තීන්දු මඟින් බෙල්ල ගසා ගැනීම, ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, මුස්ලිම් කාන්තා අපගේ ඉරණම, රිසානා නෆීක්‌. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )