ෂාරියා විසින් ලමයෙක් වත් අත්නොහරින බව නැවත ඔප්පු කරයි

රිසානා ගැන වැලපෙන බොහෝ දෙනෙක් නොදන්න කාරණා ගොඩාක් තියෙනව. ඇය අරාබි දරුවා මරා දැමුවා නොවේ, කිරි හිස්පොල්ලේ යෑම නිසා දරුවා මියගිය බව තමයි ඇය සැමදාම කිව්වේ. ඇගේ අවාසනාවකට එම දිනයේම ඇය දරුවාගේ මව සමඟ වාදයක පැටළුන බවත් කියවෙනව. ඒකෙ ඇත්ත නැත්ත මොක වුනත් මිනීමැරුම සාධාරණීකරනය නොකලොත් නඩුවක් නැති බැවින් ෂාරියා වලට ඒවා සියල්ල මැවීමේ බලය තියෙනව. රිසානා ඉස්ලාම් වීම නිසා අරාබිය හරිම පඹ ගාලක තමයි පැටළුනේ, උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බැරිව අවුරුදු ගානක් හිරේ තියන් විකාර නැටුව.

වෙනත් ආගමිකයෙක් නම් මුලින්ම සුන්නත් කරනව, මැයට ඒ ටික කරන්න දෙයකුත් නෑ. වෙන ආගමිකයෙක් නම් මුලින්ම ඝාතනය කරල පස්සෙ තමයි නඩු අහන්නේ. රටට දන්වන්නේත් මිනිය ගෙනියන්න කියලයි. රිසානව නම් අද නිදහස් හෙට නිදහස් කිය කිය හිටියේ කවුරුත් නෙවෙයි මේ රටේ සෞදි තානාපති. තානාපති මට්ටමෙන් බොරු කීම ඉස්ලාමෙන් අනුමතයි කියල තමයි ඔහු පෙන්නල දුන්නෙ.


රිසානාට ළඟදීම නිදහස

මරණ දඬුවම නියම වී ඇති රිසානා නµSක්‌ට ළඟදීම නිදහස ලැබී ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි මෙරට සෞදි අරාබි තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.

තානාපති අබ්දුල් අසීස්‌ අල් ජම්මාස්‌ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (03 වැනිදා) සවස අධිකරණ ඇමැති රවුµa හකීම් මහතා එම අමාත්‍යාංශයේ දී හමුවූ අවස්‌ථාවේදීය.

මේ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ පුවත්පත් නිවේදනයේ මෙසේද දැක්‌වේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සෞදි අරාබි රජු අබ්දුල්ලා බින් අබ්දුල් අසීස්‌ මහතාගෙන් කරන ලද ඉල්ලීම හා අනෙකුත් නීතිමය කරුණු සැලකිල්ලට ගනිමින් රිසානා නµSක්‌ට ළඟදීම නිදහස ලැබී ලංකාවට පැමිණීමේ හැකියාව තමාට ලැබී ඇති තොරතුරු අනුව සඳහන් කළ හැකි බව මෙරට සෞදි අරාබියානු තානාපති අබ්දුල් අසීස්‌ අල් ජම්මාස්‌ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක හා අධිකරණ අමාත්‍ය රවුµa හකීම් මහතා සමඟ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී තානාපතිවරයා මෙම අදහස්‌ පළ කළේය.

රිසානා නµSක්‌ නිදහස්‌ කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම හා ඒ සඳහා ඇති ලියකියවිලි උපයෝගි කරගත හැකි ද යන්න ඇමැතිවරයා තානාපතිවරයාගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් හෙතෙම මෙම අදහස්‌ පළ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා රජය රිසානා නµSක්‌ නිදහස්‌ කර ගැනීම සඳහා විශාල උත්සාහයක්‌ ගත් බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇයට ළඟදීම නිදහස ලැබෙනු ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු තමාට ලැබී ඇති බවත් තානාපතිවරයා පැවැසීය.

ඇයව නිදහස්‌ කිරීම පිළිබඳ සෞදි රජතුමාගේ උපදෙස්‌ පරිදි රියාද් ආණ්‌ඩුකාර සල්මාන් මහතා විසින් රිසානා අතින් මරණයට පත්වූ දරුවාගේ ඥතීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන් කළ තානාපතිවරයා ප්‍රකාශ කළේ ඇය නිදහස්‌ කිරීම සම්බන්ධ කටයුතු තම පෞද්ගලික කටයුත්තක්‌ සේ සලකා ඉටු කරන බවයි.

එමෙන්ම රිසානා නµSක්‌ව නිවසක ගෘහ සේවයට යෑයි පවසා විදේශ ගත කළ ද ඇයව දරුවන් බලා ගැනීම සඳහා යොමු කර ඇති බැවින් මෙම කරුණු ලිය කියවිලි සහිතව පෙන්වාදීම ඇයව නිදහස්‌ කර ගැනීම සඳහා පහසුවක්‌ වනු ඇතැයි ද තානාපතිවරයා පැවැසීය.

රිසානා නිදහස්‌ කරන ලෙස සෞදි රජතුමාගෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමට තමා ද විශේෂ සටහනක්‌ තැබූ බව තානාපතිවරයා පැවැසීය.

රිසානා නµSක්‌ බාල වයස්‌කාර දැරියක්‌ව සිටියදී වැඩි වයසක්‌ පෙන්වා විදේශ ගමන් බලපත්‍රයක්‌ ලබාදී ඇයව විදේශ ගත කළ රැකියා නියෝජිතයන්ට එරෙහිව රජය නීතිමය පියවර ගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තීන්දුව ප්‍රකාශ කර තිබෙන බව එහිදී අදහස්‌ දැක්‌වූ අධිකරණ අමාත්‍ය රවුµa හකීම් මහතා පැවැසීය.

මෙම අවස්‌ථාවට සෞදි අරාබියාවේ ජිද්දා නගරයේ හිටපු කවුන්සලර් එම්. ඉනාමුල්ලා මහතා ද එක්‌විය.

http://www.divaina.com/2013/01/04/news23.html

මේ රටේ ඉස්ලාම් සංවිධාන දස දහස් ගනනක් තියෙනව. ඔක්කොමල මීයට පිම්බ වගේ තමයි හිටියේ සිද්ධිය ගැන. සෞදිය රිසාන ගැන පැටළුනු පඹ ගාලෙම මෙහෙ ලෙබ්බෙලා සෞදිය සම්බන්දයෙන් පැටලුනා. අපරාදෙ කියන්න බැහැ ලංකා ලෙබ්බෙලා එක වචනෙකින් සෞදිය විවේචනය කලේ නැහැ. ඒ වෙනුවට කලේ තවත් ෂාරියා නින්දිත කමකට මේ ආණ්ඩුව යටත් කරවන්න. පල් හොරුන්ගේ සොයා ගැනීමක් වූ ෂාරියා අනුව, මිනීමරුවෙක් වුනත් නිදහස් කරගන්නත් ක්‍රමයක් තියෙනව. ඒක තමයි උගේ බරට රන් ගෙවීම. මෙහෙ තම්බි කලේ ආණ්ඩුව ලව්ව ඒ ගෙවීම කරවල ඉස්ලාමය කොහොමත් දිනවන්න පමණයි. කිසි වටිනාමක් නැති හලාල් සහතිකයෙන් අදටත් මාසෙට ලක්ෂ පහලොවක් උපයන අපේ උලමාවරු ඇය වෙනුවෙන් සතයක් දෙන්න ඉදිරිපත් වුනේ නැහැ. හැබැයි ඉස්ලාම් නොවන සියලු මිනිස් සංවිධාන නම් මේ වෙනුවෙන් ඇත්තටම වෙහෙසුනා. රටේ ජනාධිපති වුනත් තමන්ගේ ජාතිය ආගම සියල්ලට අපේ ලෙබ්බෙලා කරන හානි, කුමණ්ත්‍රණ ඔක්කොම ගැන සිත් වේදනාව පැත්තක තියල ඇය වෙනුවෙන් පුද්ගලිකව වෙහෙසුනා. ඉස්ලාමයට අනුව ඒගොල්ලො සියල්ල අපිට වඩා පහත් වුනත් ඇත්තටම මොන තරම් උසස්ද පිට ආගමික උදවිය? මොන තරම් නින්දිත හා පහත්ද අපේ මහ ලොකු  ඉස්ලාමය නේද?

 


රිසානාගේ ගෙල සිඳ මරයි
රටම කම්පාවේ
ජීවිත දානය දෙන්නැයි කළ සියලු ඉල්ලීම් අපතේ

කීර්ති වර්ණකුලසූරිය, ශිරාන් රණසිංහ, සමන් මල්ලවආරච්චි

සෞදියේ දමාම් නගරයේ නිවසක සේවය කරමින් සිටියදී බිළිඳු දරුවකු මරා දැමීයෑයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකික තරුණියක වූ රිසානා නෆීක්‌ ඊයේ ශ්‍රී ලංකාවම කම්පාවට පත් කරමින් එම රටේ දී ගෙල සිඳ මරා දමන ලදී.

මෙම තරුණිය නිදහස්‌ කරන ලෙස ශ්‍රීලාංකික ජනතාව එක හඬින් ඉල්ලා තිබිණි.

කිරි පොවද්දී කිරි උගුරේ සිරවී කුඩා බිලිඳෙකු මියයැමේ සිද්ධියක්‌ මුල් කරගෙන සෞදි රජය රිසානා නෆික්‌ ට 2007 වසරේ දී මරණ දඬුවම නියම කර තිබිණි.

මෙසේ ඝාතනයට ලක්‌වූයේ 1988 ත්‍රිකුණාමලයේ මුතූර් ප්‍රදේශයේ දුෂ්කර ගමක උපත ලබා 2005 දී සෞදියේ ගෘහ සේවයට ගිය බාල වයස්‌කාර දැරියය.

රිසානා නෆික්‌ නම් වන මෙම දැරිය සෞදි අරාබියට 2005 දී ගොස්‌ ඇත්තේ, මෙරට කොළඹ පිහිටි රැකියා ඒජන්සියක්‌ මගිනි.

එම දැරිය එරටට යන විට වයස අවුරුදු දහසයක්‌ වූ අතර අදාළ රැකියා තැරැව්කරුවන් ව්‍යාජ ලෙස සකස්‌ කළ ලිපි ලේඛන මගින් වැඩි වයසක්‌ පෙන්වා ඇය එරටට යවා ඇතැයි පසුව කළ පරීක්‍ෂණවලදී හෙළි විණි.

2007 වසරේ දී සෞදි අරාබියානු අධිකරණ ඉස්‌ලාම් ෂර්යා නීතියට අනුව රිසානා දැරියට මරණ දණ්‌ඩනය නියම කළද ශ්‍රී ලාංකික රජය, බහුජන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීම් නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වසර කිහිපයක්‌ම පමා කෙරිණි.

1988 උපත ලැබූ රිසානා නෆික්‌ගේ උපන් දිනය 1982 ලෙස වෙනස්‌ කර ව්‍යාජ ලිපි ලේඛන හා ගුවන් බලපත්‍ර සැකසූ රැකියා තැරැව්කරුවන් තිදෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය හා රහස්‌ පොලිසිය එක්‌ව අත්අඩංගුවට ගත් අතර මේ වනවිටත් අදාළ සිද්ධියට අදාළ නඩුව මෙරට අධිකරණයේ විභාග වෙමින් තිබෙන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ හිටපු සභාපති නීතිඥ කිංස්‌ලි රණවක මහතා සහ මුස්‌ලිම් මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ 2011 වසරේ දී සෞදි රජු හා එරට නියෝජිතයන් හමුවී රිසානාට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා සිටි අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද අවස්‌ථා කිහිපයදීම සෞදියේ අබ්දුල්ලා රජුගෙන් රිසානා දැරියට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා සිටියේය.

රිසානා දැරියගේ මව හා පියා ඇතුළු ඥාතීන් ද සෞදියට රැගෙන යැමට කාර්යාංශය පියවර ගත්තද, ශ්‍රී ලාංකිකයන් කාගෙත් දැස්‌වලට කඳුළු එක්‌ කරමින් සෞදි රජය එරට දැඩි නීති රීති ක්‍රියාවට නංවමින් රිසානා නෆික්‌ තරුණියට ඊයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 12.00 ට මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට වයස අවුරුදු විසිපහක්‌ වන රිසානා වසර හයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මරණ දඬුවම නියමව සෞදියේ දමාම් සිර අඩස්‌සියේ පසු වූවාය.

ව්‍යාජ ලිපි ලේඛන සකසමින් විදේශ රැකියා ජාවාරමේ නිරත රැකියා ඒජන්සිවලට හා රැකියා තැරැව්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් යළිsත් මෙවැනි අවාසනාවන්ත සිද්ධියක්‌ වීමට ඉඩ නොදෙන බවත් විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපතිවරයා කියා සිටියේය.

රිසානා නෆික්‌ දැරියගේ මරණය හමුවේ මුළු රටම කම්පාවන බවත් විශේෂයෙන් ම ඒ දැරියගේ මවත්, පියාත්, ඥාතීන් සමඟ මේ සියලු දෙනා දුක්‌වන බවත් සභාපතිවරයා තවදුරටත් ‘දිවයින’ ට පැවැසීය.

මේ සම්බන්ධව රිසානා පැවසුවේ පොලිසිය තමාගෙන් වැරැදි ලෙස ප්‍රකාශයක්‌ සටහන් කරගත් බවයි.

රිසානා නෆික්‌ට පනවා තිබූ මරණ දඬුවමින් ඇයව මුදා මැරීම සඳහා මියගිය ළදැරියගේ මව එකඟ වී නැත.

රිසානා නෆික්‌ට මරණ දඬුවම පැණවීමේ අවස්‌ථාවට රජයේ නඩු අධ්‍යක්‍ෂවරයෙක්‌, වෛද්‍යවරයෙක්‌ හා බන්ධනාගාර නිලධාරීන් ද සහභාගි වී ඇත.

http://www.divaina.com/2013/01/10/news01.html

This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, ඉස්ලාම් පාපක්‍රියා, තානාපති මට්ටමෙන් බොරු කීම, රිසානා නෆීක්‌ and tagged , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )