ඉන්ෂා අල්ලා! – සල්ලාල කමට පිරිමි ඉස්ලාම් වීම ලංකා නීතියෙන් පිළිනොගනී

මානෙල් අබේසුන්දර සොයුරිය ඉස්ලාම් මනසක් ඇති සල්ලාල පිරිමියෙකුගෙන් ගැලවීම වාසනාවක් සේ බාර ගත යුතුයි. ඉතා ප්‍රමාද වී හෝ සල්ලාල අබේසුන්දරට හා කාන්තිකා එදිරිසිංහ නම් ගණිකාවට හොඳ පාඩමක් ඉගැන්වීමට ඇයට හැකි වී ඇත. ඉස්ලාම් මේ මහපොළොවෙන් තුරන් කිරීමට මෙයත් පිට ආගමිකයන්ට හොඳ හේතුවක් වේවා යැයි මානෙල්ටත් වඩා අගතියට පත් ඉස්ලාම් කාන්තාවන් ලෙස අපි ප්‍රාර්ථනා කරමු!
 


විවාහකයකු බව දැන දැනම විවාහ වෙලා
මුස්‌ලිම් ආගම වැළඳගෙන විවාහ වූ කාන්තාවකගෙන්
පළමු විවාහයේ බිරිඳට ලක්‍ෂ 20 ක වන්දියක්‌

– අභියාචනාධිකරණය පැමිණිල්ලේ වාසියට තීන්දු කරයි

සරත් ධර්මසේන

විවාහක පුරුෂයකු සමඟ හොර රහසේ අනියම් ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ගෙන යන අතරේ දෙදෙනාම කතාවී මුස්‌ලිම් ආගම වැළඳගෙන ඒ ආගම යටතේ පිරිමියකුට එක්‌ විවාහයකට වඩා කර ගැනීමට ඇති හැකියාව මත විවාහ වූ කාන්තාවගෙන් රුපියල් ලක්‍ෂ 20 ක වන්දියක්‌ අයකර ගැනීමට පළමු විවාහයේ බිරිඳට බලය පවරමින් අභියාචනාධිකරණය ඒ දෙදෙනා අතර උසාවිය හමුවේ තිබූ නඩුවක්‌ පැමිණිල්ලේ වාසියට තීන්දු කළේය.

සැමියා තමා සමඟ නීත්‍යානුකූලව විවාහ වී සිsටින බව හො¹කාරව දැන දැන ඔහු සමඟ විවාහ වීම නිසා තමා හා ඔහු අතර පවුල් ජීවිතය කඩාකප්පල් වීමෙන් ඇතිවූ හිත් වේදනාවට පාඩුවට සහ අපකීර්තියට වන්දියක්‌ වශයෙන් ඇගෙන් එම මුදල ඉල්ලා පැමිණිලිකාරිය මෙම නඩුව පවරා තිබිණි.

කොළඹ වෝඩ් පෙදෙසේ පදිංචි මානෙල් අබේසුන්දර මෙම නඩුවේ පැමිණිලිකාරියයි. විත්තිකාරිය කොළඹ 03 බගතලේ පාර අංක 08 පදිංචි ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක උසස්‌ නිලධාරිනියකවූ කාන්තිකා එදිරිසිංහ නමැත්තියකි.

මුලින්ම මෙම නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය පැමිණිලිකාරිගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ අතර පසුව ඇය ඊට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්‌ ගොනු කළාය.

කොළඹ දිසා අධිකරණය දුන් නඩු තීන්දුව ඉවත් කරමින් පැමිණිලිකාරියට විත්තිකාරියගෙන් එකී වන්දි මුදල අයකර ගැනීමට ඉකුත් සතියේ අවසර දුන්නේ එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලයි.

ඩබ්ලිව්. රංජිත් සිල්වා, සිසිර ද ආබෲ සහ ටී. කේ. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඇපෑල විභාග විය.

විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් තිදෙනාගෙන් 02 ක්‌ එනම් රංජිත් සිල්වා සහ සිසිර ආබෲ පැමිණිලිකාරියගේ ඉල්ලීමට ඉඩදීමට තීරණය කළ අතර විනිසුරු චිත්‍රසිරි ඇගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් වෙනම නඩු තීන්දුවක්‌ දුන්නේය.

විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව අනුව පැමිණිලිකාරිය ඉල්ලා සිටි එකී වන්දි මුදලට අමතරව එම මුදල ගෙවන තෙක්‌ නඩුව දිසා අධිකරණය හමුවේ විභාගවූ දිනයේ එනම් 1986. 09. 26 දා සිට මුදල ගෙවා අවසන් වන තෙක්‌ ඊට අයවිය යුතු නෛතික පොලිය හා උසාවි දෙකේම නඩු ගාස්‌තු විත්තිකාරිය විසින් පැමිණිලිකාරියට ගෙවීමටද නියම වී ඇත.

නඩුවේ පාර්ශ්වකරුවන් උසාවියේ සිටිනවාදැයි නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර විනිසුරු මඬුqල්ලේ සභාපති රංජිත් සිල්වා විමසූ විට පැමිණිලිකාරිය අසුනින් නැගිට විනිසුරු මඬුල්ලට හිස නමා ආචාර කළාය. විත්තිකාරිය හා පැමිණිලිකාරියගේ සැමියා නඩුව විභාගය නියමවූ බොහෝ දිනයන්හි උසාවියට පැමිණ සිටි නමුත් එදින එම යුවළ සිටියේ නැත.

විනිසුරු සිසිර ද ආබෲ මහතා විනිසුරු රංජිත් සිල්වා ගේද එකඟත්වය ඇතිව ලියූ නඩු තීන්දුව මෙසේ සඳහන් කර ඇත.

විත්තිකාරියගේ ක්‍රියා කලාපය හේතුකොට ගෙන පැමිණිලිකාරියට විශාල හානියක්‌ සිදුව ඇත. ඇගේ සැමියා කවුද, මේ මගේ සැමියා අබේසුන්දර යෑයි සමාජයට හඳුන්වා දීමට නොහැකි තනිකඩ ගැහැනියගේ තත්ත්වයට පැමිණිලිකාරිය පත්කර ඇත. විත්තිකාරිය දැනටත් පැමිණිලිකාරියගේ සැමියා සමඟ එකට එක වහළක්‌ යට පරදාර සේවයේ යෙදෙමින් ජීවත්වන බව විත්තිකාරිය පිළිගෙන ඇත. පැමිණිලිකාරියට සිය සැමියා අහිමි කිරීමට ඇගේ ඇසුරෙන් ඔහු ඉවත් කරවීමට, ඈ කෙරෙහි පැවැති ඔහුගේ ආදරය සෙනෙහස නැති කිරීමට විත්තිකාරිය ඔහු පොළඹවා ඇති බව සාක්‌ෂිවලින් පැහැදිලිsය.

පැමිණිලිකාරියගේ සැමියා සතුව තිබූ කොළඹ 03 බගතලේ පාරේ පිහිටි වටිනා නිවසක්‌ සහිත ඉඩමක්‌ ඔහු විත්තිකාරියට ඔප්පුවකින් පවරා දී ඇත. ඒ පරිත්‍යාගය කර ඇත්තේ දෙදෙනාම කතාවී මුස්‌ලිම් ආගම වැළඳගෙන ටික දිනකට පසුවයි. ඒ 1986.09.26 දිනයේ ඒ වනවිට එම දේපොළෙහි වටිනාකම රුපියල් කෝටියක පමණ බැව් පැමිණිලිකාරිය නඩුවේදී සාක්‌ෂි දෙමින් පවසා ඇත. විත්තිකාරිය පැමිණිලිකාරියට විහාල හානියක්‌, පාඩුවක්‌ සිදුකර ඇති නිසා ඇය විත්තිකාරියගෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ 20 ක වන්දියක්‌ වැඩි නැත. එය විත්තිකාරියගෙන් අයකර ගැනීමට පැමිණිලිකාරියට අයිතියක්‌ ඇති බව තීරණය කරමි.

පැමිණිලිකාරියගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් කොළඹ දිසා අධිකරණ විනිසුරුවරයා දුන් නඩු තීන්දුව ඉවත් කර පැමිණිලිකාරියගේ වාසියට නඩුව තීන්දු කරමින් දුන් නඩුවේ තීන්දුව ඉකුත් සතියේ ප්‍රකාශයට පත්වූයේ නඩුව පවරා වසර 26 කට පසුවය. නඩුවේ පාර්ශ්වකරුවන් තිදෙනාම දැන් වයස්‌ගතය. පැමිණිලිකාරියගේ සැමියා (අබේසුන්දර) විත්තිකාරිය (කාන්තිකා එදිරිසිංහ) විවාහ කරගත් පසුව ඔහුට එරෙහිව බහු විවාහ චෝදනාවක්‌ද එල්ල විය. මේ නඩුව විභාග කළේ එවකට ගාල්ල මහෙස්‌ත්‍රාත්වරයාව සිටි දැනට අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආබෘ මහතායි. දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරු චෝදනාවට වරදකරු බව තීන්දු කර විවාහයද අවලංගු කළේය. මහෙස්‌ත්‍රාත්වරයා සිය තීන්දුවෙන් සඳහන් කළේ මුස්‌ලිම් ආගම වැළඳගෙන තිබෙන්නෙ ඒ ආගම කෙරෙහි ඇතිවූ පැහැදීම හෝ භක්‌තිය නිසා නොව තවත් විවාහයක්‌ කර ගැනීමේ අපේක්‌ෂාවෙන් බවයි. එම නඩු තීන්දුව පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පස්‌ දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක්‌ විසින් අනුමත කරන ලදී.

දේශපාලනඥයන්, නීතිඥයන්, ධනවත් පුද්ගලයන් විශාල පිරිසක්‌ ඒ වනවිට සිය බිරියන්ගෙන් දික්‌කසාද නොවී ඒ අයුරින් තවත් විවාහ කර ගෙන තිබුණ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පසුව ඒ ක්‍රියාව තහනම් විය. ඒ අනුව පුරුෂයන්ට මුස්‌ලිම් ආගම වැළඳගෙන තවත් විවාහ කර ගැනීමේ තහනම දැන් රටේ සම්මත නීතියක්‌.

අභියාචනාධිකරණය හමුවේ විභාගවූ ඇපෑල පිළිබඳ විභාගයේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිනීතිඥ ගීතක ගුණවර්ධන සමඟ නඩුව ජයගත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

http://www.divaina.com/2012/09/12/news14.html

Advertisements
This entry was posted in ඉස්ලාම් උගුලෙන් වැනසෙන කාන්තාවෝ, කාන්තිකා එදිරිසිංහ ගණිකාව, සල්ලාල පිරිමි බැඳගත් පිට ආගමික කාන්තාවෝ. Bookmark the permalink.

2 Responses to ඉන්ෂා අල්ලා! – සල්ලාල කමට පිරිමි ඉස්ලාම් වීම ලංකා නීතියෙන් පිළිනොගනී

  1. මම හිතනවා මේ වගේ වැරදි හැසිරීම් ඇති අයට නීතිය හා අධිකරණය ලබා දුන් දඩුවම නිවැරදියි කියලා. වරදක් කලාම දඩුවම් කරන්න ඕන නැතිනම් මිනිස්සු හැදෙන්නේ නැහැ. එතකොට නීතියත් හෑල්ලුවට පත් වෙනවා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w